නාගදීප කෝවිලේ වාර්ෂික මංගල්‍යයට නාගයෝ ඇවිත්..

යාපනයේ නාගදීපයේ පිහිටි ශ්‍රී නාගපූෂණී අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යයට පැය කීපයකට පෙර විශාල නාගයින් තුන් දෙනකු කෝවිල තුළට පැමිණීමත් සමගම බැතිමතුන් බියට පත් වී ආරක්ෂිත ස්ථාන කරා 17 දා ගොස් තිබේ.

කෝවිලේ භාරකරුවන් විවිධ ස්ත්‍රෝත්‍ර කියමින් නාගයින් පලවා හැරීමට උත්සහ කොට ඇතත් එම නාගයින් කෝවිල පුරා බඩගාමින් ගොස් අවසානයේදී නාගයින්ගේ වුවමනාවටම කෝවිලෙන් බැහැරව එකිනෙකා පසු පස එකිනෙකා ගොස් තිබේ.

කෝවිලට නාගයින් පැමිණීම සම්බන්ධයෙන් කෝවිලේ පූජකවරු විවිධ මත පලකරනු ලැබූවත් බැතිමතුන් පූජාවලට සහභාගි වී ඇත්තේ දැඩි විපරමකින් යුතුව බව වාර්තාවේ.

– දිනසේන රතුගමගේ

Latest News

More like this

ජාතික අධ්‍යාපන ආයතනයේ ඩීජී ඉල්ලා අස්වීම ප්‍රමාණවත්ද?? අමාත්‍යවරිය හා ලේකම් කුමක් කළ යුතුද?

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයට දරුවන්ට නුසුදුසු සමලිංගික ප්‍රජාව...

කෝටි 6ක් වියදම් කර මුද්‍රණය කළ ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික පිටු ගලවා බෙදන්න නියෝගයක්

ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සකස්කර මුද්‍රණය කෙරුණු හයවැනි ශ්‍රේණියේ...

සමලිංගික මොඩියුලයට ජාතික අධ්‍යාපන ආයතනයේ ඩීජී බෙල්ල තියයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ...

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...