නාමල්ගේ විවාහ මංගල්ලයේ ගෙවාගන්න බැරි වුණු විදුලි බිලට සනත් නිශාන්ත කර ගසයි

ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ රු. මිලියන 2.6ක නොගෙවූ විදුලි බිල්පත ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් ඊයේ (02) දිනයේ ගෙවා දැමීමට කටයුතු කළා.

මාධ්‍ය අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ යුද්ධය අවසන් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ගරු කිරීමක් ලෙසත්, දේශපාලනයේ සහ ව්‍යාපාරික කටයුතුවල දී ඔහුට සහය දුන් මිතුරෙකු වීම නිසාත් මෙම ණය මුදල පියවා දැමීමට කටයුතු කළ බවයි.

“මම අද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් මුළු විදුලි බිල රුපියල් 2,682,246.57ක් විදුලිබල මණ්ඩලයට ගෙව්වා.

“මම ලංවිම සභාපතිවරයා හමුවෙන්න ඇවිත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගල්‍යයේ මේ ආන්දෝලනාත්මක නොගෙවූ විදුලි බිල ගැන කතා කළා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එක්ක කතා කළාම ඔහු කිව්වා එයාගේ තාත්තා එයාගේ මඟුල් ගෙදරට අමතර විදුලිය ඉල්ලලා නැහැ කියලා. නමුත් මේ විදුලි බිල ගැන කටකතාවක් පැතිරෙනවා” රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කරලා රටේ දැවැන්ත සංවර්ධන කටයුතුවල නියැළුණු නායකයා. එතුමාට කාගෙන්වත් බැණුම් අහන්න දෙන්න බැහැ. ඒ නිසා මම එතුමාට කිව්වා ඒ බිල තිබුණොත් මම ගෙවන්නම් කියලා”

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍යයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැති ඇමතිවරුන් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. එම නිසා ආරක්‍ෂක අංශ ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂිත විදුලි පහන් ඉල්ලා තිබුණා. එහෙත් එම පහසුකම සඳහා වූ බිල්පත ජනාධිපතිවරයා, ආරක්ෂක අංශය හෝ වෙනත් ආයතනයක් විසින් පියවා නැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැවසුවේ.

නමුත් විවාහයෙන් සහ දෙවැනි දරුවාගේ උපතෙන් පසු ආන්දෝලනාත්මක නොගෙවූ බිල්පත සමාජ මාධ්‍යවල සැරිසැරීමට පටන් ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

“ඒ නිසා මම තීරණය කළා මගේම සමාගමක් වන ‘Royalco Aqua Culture (Pvt) Ltd’ ගිණුමෙන් බිල පියවීමට”

නාමල් රාජපක්ෂ මෙම බිල්පත ගෙවා දැමීම සම්බන්ධයෙන් නොදන්නා බවත් ඒ පිළිබඳ දැනුම්දීමට කටයුතු කරන බව ද සනත් නිශාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

රුපියල් මිලියන 400 ක ආධාර රැගත් චීන ගුවන් යානය පැමිණේ

ශ්‍රී ලංකාවේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාව සඳහා චීනය විසින්...

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...