නැවත ජාතිවාදය වපුරා බලයට එන්න හදනවා..

සියලු‍ ක්ෂේත‍්‍රයන්ගෙන් අසමත්ව ඇති පාලකයන් නැවත වරක් ජාතිවාදය වපුරා බලයට පැමිණිමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරයි.

මේ වනවිට ඒකී පිල්ලි ක‍්‍රමානුකූලව කරළියට පැමිණීමට පටන්ගෙන තිබෙන බවත් කී හෙතෙම පාලකයන් පැරණි අසාර්ථක සිතියම නැවත එළීමට පටන් ගෙන තිබෙන බවත් කීවේය. මෙතෙක් කලක් නොයෙක් අදහස් පලකළ පාස්ටර් ජෙරොම්ගේ වත්මන් ප‍්‍රකාශ මේ වෙලාවේ නිකං කියවෙන ප‍්‍රකාශන නොවන බවත් කී දිසානායක මහතා ඔහුගේ වත්මන් ප‍්‍රකාශය සමඟ සමාජ බලවේග සහ මාධ්‍ය පෙළ ගැසෙන ආකාරය සියුම්ව නිරීක්ෂණය කළහොත් නව සැලැස්ම තේරුම් ගැනීමට හැකිවනු ඇතැයිද කීවේය.

ජාතිවාදයේ ගිනිදැල් වලින් ඇති තරම් බැට කෑ රටක් ලෙස නැවැත රට තුළ කිසිදු ජාතිවාදයකට කිසිදු ආගම් වාදයකට ඉඩ ලබා නොදිය යුතු යැයි හෙතෙම අවධාරණය කර කියා සිටියේය.

ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා ජාතිවාදයේ බඩපිනුම් ගසද්දී ජවිපෙ ව්‍යාපාරයක් ලෙස පොඩි ව්‍යාපාරයක් වුවත් මේ වන විට ඔහුගේ බෑනා වන වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ජාතිවාදයේ බඩපිනුම් ගසද්දී ජවිපෙ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය ව්‍යාපාරයක් ලෙස ලංකාවේ ප‍්‍රබලතම දේශපාලන ව්‍යාපාරය ගොඩනගා තිබෙන බවත් හෙතෙම කීවේය.

එම නිසා අප ජාතිවාදී බඩපිනුම් ගැසීමට වත්මන් පාලකයන්ට කිසි ලෙසකවත් ඉඩ ලබා නොදෙන බව හෙතෙම අවධාරණය කර කියා සිටියේය. දිසානායක මහතා (21) එම අදහස් පළ කළේ විශ‍්‍රාමික ත‍්‍රිවිධ හමුදා සාමූහිකයේ කුරුණෑගල දිස්ත‍්‍රික් සමුළුව කුරුණෑගල නගර ශාලාවේදී පැවැති අවස්ථාවේ අදහස් දක්වමිනි.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!