නෙළුම් කුළුණෙන් බිමට පැන්න විදේශිකයෙකුට බරපතල අනතුරක්

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්වට (Base Jump) සහභාගි වූ විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඇද වැටීමකින් තුවාල ලබා ඇතැයි වාර්තා වෙනවා.

එහිදී මෙම ඉසව්වට සහභාගි වූ විදේශිකයාගේ පැරෂුටය නිසි පරිදි විවෘත නොවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

එම අනතුරත් සමඟ ඔහු වහලය මතට ඇද වැටී ඇති බව සඳහන්.

මෙම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ විදේශිකයා වහා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙම බේස් පැනීමේ ඉසව්ව (Base Jump) නෙළුම් කුළුණේ දී ඊයේ (12) ආරම්භ වූ අතර එය හෙට දිනයේත් ක්‍රියාත්මකයි.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...