පක්ෂය පිටින්ම රනිල්ට සහය දෙන්න සජබ කණ්ඩායමක් සූදානම් වෙයි

සමගි ජන බලවේග පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහය වත්මන් ජනාධිපතිවරණ වික්‍රමසිංහ මහතා වෙත ලබා දිය යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ම ඉදිරිපත් වී ඇතැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසා තිබෙනවා.

ඔහු පවසන්නේ එම පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ද බොහෝ දෙනකු ඉදිරි මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තරග කිරීමට සූදානමින් සිටින බවයි.

එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමගි ජන බලවේගයට එක් වූ පාක්ෂිකයන් විශාල පිරිසක් අද වන විට නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වෙමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

තවත් මන්ත්‍රී කණ්ඩායමක් සම්පූර්ණ පක්ෂය පිටින්ම ජනාධිපතිවරයාට සහාය දිය යුතු බවට පක්‍ෂය ඇතුළත සිට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බව ඔහු පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Latest News

More like this

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...

තෙල්දෙණියේ දී වැටලූ ෆේස්බුක් සාදයේ මහනුවර මාළිමා උප නගරාධිපතිගේ දියණියත් ඉඳලා… ඇප ඉක්මණින් ලැබෙයිද?

වික්ටෝරියා ජලාශය අසල පිහිටි හෝටලයක පැවැත්වූ ‘ෆේස්බුක් සාදයක්’ වටලා...

දකුණු ආසියාවේ හොඳම IQ මීටර ඉන්නේ ලංකාවේ

2025 වසරේ දකුණු ආසියාවේ ඉහළම සාමාන්‍ය IQ මට්ටමක් සහිත...