පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල හැඳුනුම්පතක් සකසා පුද්ගලයින් රැවටූ අනුරාධපුරේ කතක්

තමා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරිනියක් බව අඟවමින් සමාජයේ වැදගත් තනතුරු දරන පුද්ගලයින් සූක්ෂම ලෙස බිය ගන්වා මුදල් ගසාකන අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්, ප්‍රතිකාර සඳහා පැමිණෙන කාන්තාවන් අනවශ්‍ය ලෙස ස්පර්ශ කරන බවට ෆේස්බුක් පිටුවක පළ වූ පෝස්ටුවක් මකා දැමීමට සහය ලබා දී පසුව මුදල් ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරයා කොටස් වශයෙන් රුපියල් ලක්ෂ 30 කට අධික මුදලක් ලබා දී තිබෙන්නේ ඉන් පසුවයි.

නමුත් එම සිද්ධියෙන් මාස 3කට පමණ පසු වෙනත් ෆේස්බුක් පිටුවක් හරහා නැවතත් වෛද්‍යවරයාට අපහාස වන ආකාරයේ සටහනක් සංසරණයවී ඇති බවත් අනුව පෙර අවස්ථාවේ තමාට උපකාර කළ කාන්තාව සම්බන්ධයෙන් වෛද්‍යවරයාට සැක මතුවූ බවත් වෛද්‍යවරයා පවසා තිබෙනවා.

පසුව වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කර බව සඳහන්.

මෙම කාන්තාව සමාජයේ පෙනී සිට තිබුණේ බොහෝ ප්‍රභූ සබඳතා ඇති අයෙකු ලෙයි.

ඇයගේ සැමියා ජනාධිපති මාධ්‍ය අංශයේ ඉහළ තනතුරක් දරන අයෙකු බවට හඳුන්වාදෙන හඩපටයක්ද ඇය විසින් පෙන්වා තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකවරියක් ලෙසට දැක්වෙන රාජකාරී හැඳුනුම්පතක් ද ඇය සතුව ඇති බව සඳහන්.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...