පැපුවා නිව්ගිනියාවේ නාය යාමෙන් මිහිදන් වූ ගණන 300 දක්වා ඉහළ යයි. දහස් ගණනින් නිවාස පොළොවට පස් වෙලා

උතුරු පැපුවා නිව්ගිනියාවේ දුෂ්කර ගම්මාන කිහිපයක් බිමට සමතලා කළ දැවැන්ත නායයාමෙන් පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් සහ නිවාස 1,100 කට අධික සංඛ්‍යාවක් මිහිදන් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසා තිබෙනවා.

සිකුරාදා අලුයම 3 ට පමණ Morseby අගනුවරට කිලෝමීටර් 600 ක් පමණ වයඹ දෙසින් Enga පළාතේ Kaokalam ගම්මානය දරුණු නාය යාමකට මුහුණ දුන් අතර එය පෙර නොවූ විරූ ස්වභාවික අනතුරක් බවයි සඳහන් කෙරුණේ.

ඔස්ට්‍රේලියාවට උතුරින් පැසිෆික් රාජ්‍යයේ සිදුවූ නාය යෑමෙන් පුද්ගලයන් 300කට අධික සංඛ්‍යාවක් සහ නිවාස 1182ක් වැළලී ගිය බව පැපුවා නිව්ගිනියා මාධ්‍ය වාර්තා කර ඇත්තේ එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් උපුටා දක්වමින්.

නාය යෑමෙන් අධිවේගී මාර්ග ප්‍රවේශය අවහිර වී ඇති අතර, එම ප්‍රදේශයට ළඟා වීමට ඇති එකම මාර්ගය හෙලිකොප්ටර් යානා පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබෙනවා.

සමාජ මාධ්‍යවල පළ කෙරුණු ඇතැම් දර්ශනවලින් පෙන්නුම් කළේ මිනිසුන් ගල්, උදුරා දැමූණු ගස් සහ සුන්බුන් මතින් දිවි ගලවා ගත් අය සොයන ආකාරයයි.

අග්‍රාමාත්‍ය ජේම්ස් මාරපේ ප්‍රකාශ කර ඇත්තේ ආපදා නිලධාරීන්, ආරක්ෂක හමුදාව සහ මහාමාර්ග දෙපාර්තමේන්තුව සහන ක්‍රියාදාමයන් සඳහා සහාය වන බවයි.

Latest News

More like this

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසියි.. පාලනය සමාගම් 6ක් යටතට

ලංකා විදුලි බල මණ්ඩලය මේ මස අවසානයේ දී අහෝසි...

සමලිංගික මොඩියුලයේ සෝදුපත් කියවූ අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.. ඇමති විජේපාල

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක...

යූ ටියුබ් ‘කාරි’ ට නලින්දගෙන් රු බිලියනයක එන්තරවාසියක්

යූ ටියුබ් ක්‍රියාකරුවකු වන ධර්මසිරි කාරියවසම් යන අයට එරෙහිව...

ආපදාව පිට දමා හෝ පාසල් කාලය දීර්ඝ කිරීමේ යෝජනා හකුළා ගත් හරිනිට හතරවටෙන්ම ප්‍රශංසා

2026 වර්ෂයේ පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යන මැයෙන් නිවේදනයක්...