පුරවැසියන් නොවන අයට දේශපාලන පක්ෂ හදන්න බැරිකමක් නෑ – අපේ පෙරමුණේ ලේකම් ඩයනාත් නෙවෙයි – මහින්ද දේශප්‍රිය

පුරවැසියන් නොවන පුද්ගලයින්ට දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට නීතිමය බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (08)) ප්‍රකාශ කළා.

“ශ්‍රී ලංකාවේ නීතිය මගින් පුරවැසියෙකු නොවන අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම, මැතිවරණයකට තරඟ කිරීම පමණක් වළක්වන අතර පුරවැසියෙකු නොවන අයෙකුට මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම ද නීතියෙන් තහනම් කර ඇත” යනුවෙන් ඔහු පවසා තිබෙනවා.

එමෙන්ම, හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ SJB නාමයෝජනා පත්‍රවලට අත්සන් කර නොමැති බවත්, ඇය කිසිදිනක අපේ ජාතික පෙරමුණේ ප්‍රධාන ලේකම්වරිය වී නොමැති බවත් ඔහු කියා සිටියා.

“අපේ ජාතික පෙරමුණ හැදුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිවංගත මංගල සමරවීර සහ ශ්‍රීපති සූරියආරච්චි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඇතිකරගත් දේශපාලන සන්ධානය බිඳ දැමූ අවස්ථාවේදීයි. අපේ ජාතික පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වූයේ රුවන් ෆර්ඩිනැන්ඩස් වන අතර ඩයනා ගමගේගේ සැමියා පසුව එම ධූරයට පත් වුණා”යැයි ඔහු පවසා තිබෙනවා.

Latest News

More like this

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසියි.. පාලනය සමාගම් 6ක් යටතට

ලංකා විදුලි බල මණ්ඩලය මේ මස අවසානයේ දී අහෝසි...

සමලිංගික මොඩියුලයේ සෝදුපත් කියවූ අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.. ඇමති විජේපාල

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක...

යූ ටියුබ් ‘කාරි’ ට නලින්දගෙන් රු බිලියනයක එන්තරවාසියක්

යූ ටියුබ් ක්‍රියාකරුවකු වන ධර්මසිරි කාරියවසම් යන අයට එරෙහිව...

ආපදාව පිට දමා හෝ පාසල් කාලය දීර්ඝ කිරීමේ යෝජනා හකුළා ගත් හරිනිට හතරවටෙන්ම ප්‍රශංසා

2026 වර්ෂයේ පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යන මැයෙන් නිවේදනයක්...