පොහොට්ටුවටයි අලියාටයි ඉන්දියාවෙන් එන්න කියයි

භාරතීය ජනතා පක්ෂ නායකයින් විවිධ රටවල දේශපාලන පක්ෂවලට ඉන්දීය මැතිවරණ අත්දැකීම ලබා ගන්නා ලෙස ආරාධනා කර තිබෙනවා.

ඒ අනුව රටවල් 10 ක දේශපාලන පක්ෂ 18 ක නියෝජිතයින්ට මෙම ආරාධනාව ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

වාර්තාවලට අනුව ඔවුන්ගේ ඉන්දීය සංචාරයේදී පක්ෂ සභාපති ජේ පී නාඩා සහ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඇතුළු භාරතීය ජනතා පක්ෂ නායකයින් රැසක් මුණ ගැසීමට එහිදී ඉඩ ලැබෙනවා.

විදේශීය නායකයින්ට පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එහි උපාය මාර්ග මෙන්ම සමස්ත මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව ද දැනුවත් කිරීමක් මෙහිදී සිදුවනු ඇති.

ඕස්ට්‍රේලියාවේ ලිබරල් පක්ෂය, වියට්නාමයේ වියට්නාම කොමියුනිස්ට් පක්ෂය, බංග්ලාදේශයේ අවාමි ලීගය, ඊශ්‍රායලයේ ලිකුඩ් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් ඊට ඇතුළත්.

ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා තෝරාගෙන ඇත්තේ පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයයි.

Latest News

More like this

මහීමා චෞද්‍රි පියයුරු පිළිකාව සමඟ කළ සටන

90 දශකයේ අගභාගයේ සුභාෂ් ගයි අධ්‍යක්ෂණය කළ පර්දේස් කියන්නේ...

සංක්‍රාන්තික ලිංගික පුද්ගලයින්ගෙන් බහුතරය ලිංගික ශ්‍රමික රස්සාව තෝරාගෙන…

මෙරට සිටින සංක්‍රාන්තික ලිංගිකභාවයක් (Transgender Sex) සහිත පුද්ගලයින්ගෙන් සියයට...

කාන්තාවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකුට සමීප සහකරුගෙන් ලිංගික හිරිහැර

ගෝලීයව කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ආසන්න වශයෙන් සිය සමීප...

පුරවැසියෙක් වීම පුරුෂ ලිංගය එළියට දානවට වඩා ලොකු වැඩක්… නවසීලන්ත ජාතික තරුණියට ආචාරය

නවසීලන්ත ජාතික තරුණියගේ මේ ලස්සන වචන ටිකට පින් දෙන්න...