හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් දුන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
හදිසි කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වෙත සිය අප්‍රසාදය පළ කර ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
දෙදෙනා අතර දුරකථන සංවාදය දීර්ඝ වෙලාවක් පැවති බව ආරංචි මාර්ග අනාවරණය කරයි.
පොහොට්ටුව දැරූ අමාත්‍ය ධුර ශ්‍රීලනිප ඇමැතිවරුන් දෙදෙනෙකුට ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ අප්‍රසාදයට පළ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වී තිබේ.