බාල බෙහෙත් නිසා දෑස් අන්ධ වූ අයෙක් කෙහෙළියට එරෙහිව උසාවි යයි

රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු භාවිත කරන අක්ෂි බිංදු ඖෂධය වන ‘Prednisolone Acetatean’ භාවිතය හේතුවෙන් සදාකාලික පෙනීම අහිමි වූ රෝගියෙකු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තවත් අට දෙනෙකුගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා ලිපියක් යවා තිබෙනවා.

මෙම අනතුරට ලක් වූ කඳපොළ පදිංචි මක්කාරි රාජරත්නම් නම් රෝගියා විසින් කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික වෛද්‍ය නියාමන අධිකාරියේ ජනක චන්ද්‍රගුප්ත, මහාචාර්ය එස්.ඩී.ජයරත්න, ආචාර්ය විජිත් ගුණසේකර, වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය රොහාන් එදිරිසිංහ, ආචාර්ය මහේන්ද්‍ර සෙනෙවිරත්න සහ යක්කල Chamee Chemist (Pvt)Ltd නම් සමාගමෙන් වන්දි ඉල්ලා Invictus Law Firm හරහා මෙම ඉල්ලීම් ලිපිය එවා ඇති බවයි සඳහන් වෙන්නේ.

මුදල් නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු ඇඟවීමක් සිදු කර ඇති මෙම ලිපිය ඔස්සේ Invictus Law Firm ප්‍රකාශ කර ඇත්තේ තම සේවාදායකයා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර 2023 අප්‍රේල් 05 වන දින නුවරඑළිය මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කළ බවයි.

Indiana Opthalmics LLP India විසින් නිෂ්පාදනය කරන ලද Prednisolone Acetatean අක්ෂි බිංදු භාවිතා කරන ලෙස දැනුම් දී නුවරඑළිය රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් තම සේවාදායකයා 2023 අප්‍රේල් 06 වැනි දින ශල්‍යකර්මයෙන් පසු නිදහස් කළ බව නීති සමාගම පවසා තිබෙනවා.

එම අක්ෂි බිංදු කිහිපයක් යෙදීමෙන් පසු තම සේවාදායකයාට 2023 අප්‍රේල් 19 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී කඳුළු ගැලීම, අපහසුතා, වේදනාව සහ හිසරදය ඇති වූ බවයි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

වැඩිදුර වෛද්‍ය පරීක්‍ෂණයකින් අනතුරුව 2023 මැයි මස 10 වන දින ජාතික අක්ෂි රෝහලට ඇතුළත් කිරීමේදී ඇසේ පෙනීම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව හෙළි වී ඇතැයි සඳහන් වෙනවා.

පරීක්ෂණවලට අනුකූල නොවීම හේතුවෙන් එම අක්ෂි බිංදු ප්‍රමිතියෙන් තොර බවත් එම ඖෂධය භාවිත කළ රෝගීන්ට Endopthahnitis නම් රෝගය වැළඳී ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්.

Latest News

More like this

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...

තෙල්දෙණියේ දී වැටලූ ෆේස්බුක් සාදයේ මහනුවර මාළිමා උප නගරාධිපතිගේ දියණියත් ඉඳලා… ඇප ඉක්මණින් ලැබෙයිද?

වික්ටෝරියා ජලාශය අසල පිහිටි හෝටලයක පැවැත්වූ ‘ෆේස්බුක් සාදයක්’ වටලා...

දකුණු ආසියාවේ හොඳම IQ මීටර ඉන්නේ ලංකාවේ

2025 වසරේ දකුණු ආසියාවේ ඉහළම සාමාන්‍ය IQ මට්ටමක් සහිත...