බෑවුමක නතර කළ තමාගේම ප්‍රාඩෝ රථයට බිළි වූ ව්‍යාපාරිකයා

තමාගේ ප්‍රාඩෝ වර්ගයේ රථයට යටවී බියගම සියඹලාපේ ගලහිටියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මියගොස් තිබෙනවා.

ඔහුට අයත් ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ වර්ගයේ රථය ඔහු විසින්ම පදවාගෙන විත් නිවස ඉදිරිපිට බෑවුම් ප්‍රදේශයක නවත්වා රථය පණ ගන්වා රථයෙන් බැස ඉදිරියට ගොස් ඇති අතර අත් තිරිංග නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා පහළට පැමිණි රථය ඔහු යටකරගෙන ඉදිරියට ගොස් ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ සියඹලාපේ දකුණ ගලහිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයකු වූ ගීතරත්නගේ සුදත් විජේන්ද්‍ර (57) නමැති තිදරු පියෙක් බව සපුගස්කන්ද පොලිසිය පවසනවා.

එම අවස්ථාවේ අසල්වාසීන් ඔහු බියගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් ව්‍යාපාරිකයා මියගොස් සිටි බව සඳහන්.

මෙම රථය කාර්මික දෝෂයක් හේතුවෙන් ඉදිරියට ඇදී ආවේද? එසේ නොමැති නම් වෙනත් හේතුවක් මත රථය ඉදිරියට ඇදී ආවේද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කරන බව පවසා තිබෙනවා..

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...