බුදුන්ට අපහාස කළ නටාෂා එදිරිසූරිය රටින් පනිද්දී ගුවන් තොටෙන් අල්ලයි.

බෞද්ධ ආගමට අපහාස වන පරිදි ” මෝඩාභිමානය ” නැමැති වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කළ ජයනි නටාෂා එදිරිසූරිය සිංගප්පූරුව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළට ආ අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.

කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ජයනි නටාෂා එදිරිසූරිය අද(28) අලුයම 01.20 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන පරිශ්‍රයේ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මේ වනවිට මෙම කාන්තාව කොළඹ, නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

Latest News

More like this

බොලිවුඩයේ විශිෂ්ට රංගධරයකු වන ධර්මේන්ද්‍ර සමු ගනී

දශක හයක් පුරා විහිදී ගිය විශිෂ්ට වෘත්තීය ජීවිතයක් ගත...

ප්‍රාන්ත රාජ්‍ය හදන්න ඉඩ දෙන්නේ නැහැ.. පුරාවිද්‍යා බෝඩ් ඉවත් කළ අයට වැඩ වරදින හැටි ඇමති කියයි

මඩකලපුව ප්‍රදේශයේ පුරාවිද්‍යා නාම පුවරු ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන්...

පුරාවිද්‍යා බෝඩ් ඉවත් කිරීමට එරෙහිව විමල් පෙරට එයි..

රජයේ මැදිහත්වීමෙන් පුරාවිද්‍යා රක්ෂිතවල භූමි සලකුණු ඉවත් කිරීම සම්බන්ධයෙන්...

යුක්‍රේන සොල්දාදුවන්ගේ ජීවිත බේරාගැනීමට ඉදිරිපෙළ සටන් කරන රොබෝවරු…

යුක්‍රේනයේ නැගෙනහිර ඝාතන කලාපයේ පොක්‍රොව්ස්ක් නගරයේ රුසියානු ඩ්‍රෝනා යානා...