මගේ අතින් වුණේ වැරැද්දක් – හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර නොගන්නා නමුත් නව කණ්ඩායමට අනුශාසකත්වය සහ සහාය ලබා දී තමා අතින් සිදු වූ වරද නිවැරදි කරන බව පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ථිර ලෙසම යළි ගොඩනැඟීමේ අරමුණින් වැඩබලන සභාපතිවරයා ලෙස ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කිරීම එහි මුල් පියවර බවයි ඇය පවසන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමට ඊයේ (08දා) පැමිණ සිටි හිටපු ජනාධිපතිනිය එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

මෙහිදී බරපතල චෝදනාවක් එල්ල කරමින් ඇය පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා, 2015 දී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පක්ෂය සහ රට ද විනාශය කරා ගෙනගිය බවයි.

“2015 ජනාධිපති ධුරයට ඉල්ලන්න කියලා මට හැමෝම කිව්වා. නමුත් මම බෑ කියලා මහ ලේකම් මෛත්‍රිපාල ඉදිරිපත් කළේ විශාල බලාපොරොත්තු ඇතිවයි. මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් අවුල් කළා. මාව අස්කරලා නැවත අස්කළේ නෑ කියලා ලිපි එව්වා. ඇත්තටම ඔහුට පිස්සු” යැයි ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පවසනු ලැබුවා.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...