මාව බලන්න මිනිස්සු පොර කනවා

වැසී ගිය රාජ්‍ය ආයතන ගණනාවක් භාරගත් තමා එම සියලු ආයතන විවෘත කර වසරක් තුළ බිලියනයකට අධික මුදලක් රජය වෙත ලබා දීමට කටයුතු කළ බවත් මේ වන විට නිර්පාක්ෂික බැවින් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ස්වාධීනව තරඟ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසා තිබෙනවා.

බදුල්ල කච්චේරිය භූමියේ පවතින කාර්යාල පහෙන් විවෘත කරන ලද එකම කාර්යාලය ඔහුගේ එක බවත් ජනතාව තමා මුණගැසීමටපොරකන බවයි ඔහු කියන්නේ.

තමාගේ කාර්යාලයට ලියුමක් භාර දුන් ඕනෑම අයෙක්ට ඒ පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවකින් පසු වීමට හැකි වීම එම තත්ත්වයට හේතු වී ඇති බවද පවසනවා.

“මම දැන් නිර්පාක්ෂිකයයි. මට ලංකාවේ ඕනෑම තැනකින් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. තනියෙන් ඡන්දෙ ඉල්ලලා ඊළඟ පාර පාර්ලිමේන්තුවට එන්නෙ මං. කොහේ ගියත් කොල්ලො මාව වට කරගන්නවා. ලොක්කා ඔයා අඩුම තරමේ අරක්කු බෝතලේ අඩු කරන්න හරි කතා කරා කියල කියනවා”

Latest News

More like this

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...

රනිල්, දේශබන්දු සහ හිටපු ජනාධිපති ලේකම්ගේ ඉරණම තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳගේ ආචාර්ය උපාධි...