මාස ගණනකට පසු ඇල්පිටිය PHI ඝාතනයේ එක් සැකකරුවෙක් අල්ලයි

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු තවත් මිනීමැරුම් ගණනාවක් සඳහා අවශ්‍යව සිටි සැකකරුවෙකු ඊයේ (මැයි 6)මෙරටින් පිටව යාමට උත්සහ දරද්දී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු ඩුබායි රාජ්‍යයට පළා යාමට උත්සහ කර ඇත්තේ ව්‍යාජ නමක් යොදා කූඨ ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින්.

ඔහු මෙරටින් පළා යාම සඳහා මදුරදූවගේ දිල්ෂාන් මධුසංඛ ද සිල්වා යන ව්‍යාජ නමකින් ගමන් බලපත්‍රය සකස් කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 30ක් වන ඇල්පිටිය, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වෙන්නේ.

සැකකරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර පසුව සේවය හැර ගිය පුද්ගලයෙක් වන අතර ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා වෙඩි තබා මරා දැමීම සඳහා ඔත්තු බැලූ බවට පොලිසිය විසින් කරුණු අනාවරණය කරගෙන ඇති බව සඳහන්.

Latest News

More like this

ග්‍රීන්ලන්තයේ සෑම පුරවැසියෙකුටම ට්‍රම්ප්ගෙන් ඇ ඩොලර් 100,000ක ඔෆර් එකක්

ඩෙන්මාර්කයෙන් වෙන් වී ඇමරිකාවට එක්වීම සඳහා සෑම ග්‍රීන්ලන්ත පුරවැසියෙකුටම...

සිංහයා යළි කකුල් සතරෙන් සිටගනී. ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය තවමත් අක්‍රීයයි..

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය...

ඉරානය නොසන්සුන් කළ ආගමික සංස්ථාව හා වෙළඳ පැලැන්තිය අතර ගැටුම

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩව දහතුන්වන දිනටත් සිකුරාදා පැවැත්වුණේ...

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...