මාළිමාවේ ආරක්ෂක ඇමති ගැන සරත් ෆොන්සේකාගෙන් ඉඟියක්.. සජබෙ එක්කෙනා සජිත්ගෙන් අහන්නලු

තමාට අවස්ථාව ලැබෙන ඕනෑම අවස්ථාවක පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සැබෑ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඒ සඳහා අවශ්‍ය නීති සහ යාන්ත්‍රණය ප්‍රමාණවත් බවත් එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන්නේ ඒ පිළිබඳ දැනුම,පළපුරුද්ද සහ අත්දැකීම් ඇති තැනැත්තන් බව ද ඔහු සඳහන් කළා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට තවදුරටත් සාධාරණයක් ඉටු නොවීම පිළිබඳ සාකච්ඡා කළ මාධ්‍ය හමුවක දී ජාතික ජන බලවේගය අගරදගුරුවරයා වෙත භාර දුන් ප්‍රතිඥාව පිළිබඳ මාධ්‍යවේදියකු විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ජාතික ජන බලවේගයේ ආරක්ෂක ඇමති ඔවුන් විසින් මේ වන විට නම් කර ඇති බවයි.

තඹුත්තේගම ප්‍රදේශයේ පැවති රැස්වීමක දී එහි නායක අනුර කුමාරදිසානායක මහතා යම් නීතිඥවරයෙකු පෙන්වා ඔහු මාළිමාවේ අනාගත ආරක්ෂක ඇමති ලෙස පෙන්වා දුන් බවයි.

නමුත් එම තැනැත්තාට රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ඇති දැනුම පිළිබඳ තමන්ට ප්‍රශ්ණයක් පවතින බව ද සරත් ෆොන්සේකා මහතා මෙහි දී ප්‍රකාශ කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේග ආණ්ඩුවක ආරක්ෂක ඇමති කවුද යනුවෙන් මාධ්‍යවේදියකු විමසූ විට ඔහු පිළිතුරු ලබා දුන්නේ “ඒක ඉතින් එයාගෙන් අහන්න ඕනෑ” යනුවෙනි.

Latest News

More like this

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...