මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) අධිකරණයේ සාමාජිකයින්ට සිදුවන ඕනෑම ආකාරයක තර්ජන සහ ප්‍රචණ්ඩත්වය තරයේ හෙළා දැක තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය බරපතල අනතුරු ඇඟවීම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම ශ්‍රී ලංකාවේ අධිකරණ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරන්නක් බව පෙන්වා දෙයි.

එබැවින් සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස එම නිවේදනයෙන් ඔවුන් ඉල්ලීම් කර තිබෙනවා.

මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත යොමුකර තිබුණේ තමන් ඉල්ලා අස්වීමට ගත් තීරණය තර්ජන නිසා සිදුවූවක් බව පවසමිනි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට සහ අධිකරණයේ සියලුම සාමාජිකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමට තමන් කැපවී සිටින බවයි.

“විනිසුරුවරුන්ට බියෙන් හෝ බිය ගැන්වීමකින් තොරව තම රාජකාරිය ඉටු කළ හැකි පරිසරයක් පවත්වාගෙන යාමට අපි දැඩි ලෙස විශ්වාස කරමු” ඔවුන්ගේ නිවේදනය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන මාධ්‍ය නිවේදනය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න සහ එහි ලේකම් ඉසුරු බාලපටබැඳි විසින් නිකුත් කර තිබුණා.

Latest News

More like this

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...

තෙල්දෙණියේ දී වැටලූ ෆේස්බුක් සාදයේ මහනුවර මාළිමා උප නගරාධිපතිගේ දියණියත් ඉඳලා… ඇප ඉක්මණින් ලැබෙයිද?

වික්ටෝරියා ජලාශය අසල පිහිටි හෝටලයක පැවැත්වූ ‘ෆේස්බුක් සාදයක්’ වටලා...

දකුණු ආසියාවේ හොඳම IQ මීටර ඉන්නේ ලංකාවේ

2025 වසරේ දකුණු ආසියාවේ ඉහළම සාමාන්‍ය IQ මට්ටමක් සහිත...