මුළු ලෝකෙම ළමුන් අතර ජනප්‍රිය ඩියානා සහ රෝමාගේ මව රිය අනතුරකින් මිය ගිහින්

ලෝකය පුරා දරුවන් අතර ජනප්‍රිය යූ ටියුබ් නාළිකාවක් වන Kids Diana Show හි Diana සහ Roma ගේ මව 2024 මැයි මාසයේදී රිය අනතුරකින් මිය ගිය බවට වාර්තා පළ වෙමින් තිබෙනවා.

සමාජ මාධ්‍ය මූලාශ්‍රවලට අනුව, Olena Kidisyuk රිය අනතුරකින් තුවාල ලබා මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

එහෙත් මෙම ප්‍රකාශයන් සනාථ කිරීමට බලධාරීන් හෝ පවුලේ අය ඉදිරිපත් නොවීම නිසා එම පුවත තවමත් තහවුරු වී නැහැ.

මෙම සිදුවීමෙන් පසුවත්, යූ ටියුබ් නාළිකාවට ඔවුන්ගේ පවුලේ වීඩියෝ සක්‍රීයව මුදා හරිමින් තිබෙනවා.

ඇතැම් සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි මෙම ඛේදවාචකය පිළිබඳව ඔවුන්ගේ අදහස් දැක්වීමේ තීරුවල (Comment Section) පවා විමසා ඇතත් ඊට ප්‍රතිචාරයක් ලැබී නැහැ.

යූ ටියුභි ඉහළම ශ්‍රේණිගත කළ ළමා YouTube නාළිකාව වන “Kids Diana Show” හි සෑම විටම Diana සහ Roma ගේ සෙල්ලම් සහ වික්‍රමාන්විත ක්‍රියා ඇතුළත් වෙනවා.

Kids Diana Show 2015 දී යූ ටියුබ් හි ආරම්භ වූ අතර එතැන් සිට ගෝලීය වශයෙන් ග්‍රාහකයින් මිලියන 200 කට වඩා ප්‍රමාණයක් ඔවුන්ගේ යූ ටියුබය වෙත නතු කරගෙන සිටී. බැලීම් වාර බිලියන 100 ක් ඉක්මවා තිබෙනවා. සාමාන්‍යයෙන් මසකට නාළිකා 20 ක් භාෂා පරිවර්තන 20ක් ඔස්සේ බැලීම් බිලියන 10 කට වැඩි ප්‍රමාණයක් ඊට හිමිවන බව සඳහන්.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...