මෙවර අයවැයෙන් සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් – JVP එක රාජ්‍ය සේවකයින් පාරට බැස්සුවේ ඒක දැනගෙනයි – ජනපති

මෙවර අය-වැය මඟින් සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් රාජ්‍ය සේවකයින් වැඩ වර්ජනයක් සඳහා කැඳවූයේ රජයේ එම තීරණය තමන්ගේ බලපෑමෙන් සිදු වූ බවක් පෙන්වීමට යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය අමතා ඊයේ (30) පවසා තිබෙනවා.

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ වැටුප ද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බව ද ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේ දී අමාත්‍ය මණ්ඩල හමුව ඊයේ පැවැත්වුණු අවස්ථාවේ දීය.

දිනෙන් දිනම බඩු මිල වැඩි වීම මිස අඩු නොවන තත්ත්වය යටතේ වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ දැමීමට අදහස් කළ බව ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තුන්වැනි අය-වැය යෝජනාවලිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවර අය-වැය යෝජනාවලිය මගින් වැටුප් වැඩි කිරීමක් කරන බවට ප්‍රථමවරට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුයේ ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. වැටුප් වැඩිවන ප්‍රමාණය එහි දී ප්‍රකාශ වුණේ නැහැ.

Latest News

More like this

රනිල්, දේශබන්දු සහ හිටපු ජනාධිපති ලේකම්ගේ ඉරණම තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳගේ ආචාර්ය උපාධි...

ශ්‍රී ලාංකික පොඩ්ඩෙක් ඕස්ට්‍රේලියාවේ සිදු කරන පෙරළිය

ඕස්ට්‍රේලියාවේ පිළිකා මර්දන ව්‍යාපෘතිය තුළ 9 හැවිරිදි ශ්‍රී ලාංකික...

‘කැක්කුම’ සංවිධානය සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට රු මිලියන දෙකක ඖෂධ පරිත්‍යාග කරයි

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සෞඛ්‍ය...

සංගීතයට වෛරකරන මුස්ලිම් කණ්ඩායම්, බංගලාදේශයේ කලාකරුවන්ට එල්ල කරන ප්‍රහාර වැඩි කරයි

බංග්ලාදේශයේ කලාකරුවන්, රංගන ශිල්පීන් සහ සංස්කෘතික ආයතනවලට එල්ල වූ...