දූෂණ විරෝධී පනත් ගෙනාවට වැඩක් නෑ.. ඒවා ක‍්‍රියාවෙන් ඔප්පු කරන්න.. – රවී කරුණානායක

ඇත්තෙන්ම කළ යුත්තේ දූෂණ විරෝධී පනත හෝ වේවා වෙනත් පනත් හෝ වේවා ගෙන ඒම නොව ඒවා ක්‍රියාවෙන් ඔප්පු ඔප්පු කිරීම යැයි පෙන්වා දුන් රවී කරුණානායක මහතා ප්‍රායෝගික නොවී කිසිම පනතක් ගෙන ආවට පළක් නැතැයි ද අවධාරණය කර සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ, වෙරළ පවිත්‍රතා දිනය වෙනුවෙන් කොළඹ මට්ටක්කුලිය කාක දූපත වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනට එක් වෙමිනි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනට ජාත්‍යන්තර සිංහ සමාජය, නාවික හමුදාව, පොලිසිය සහ පාසල් දූ දරුවන් ද එක්ව සිටියහ.

පාස්කු ප්‍රහාරය ගැන පිටරට නාලිකා අපට කරුණු කියන්න අවශ්‍ය නැතැයි ද, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු කළ  යුතු යැයි ද, එදා සිට මේ දක්වා සිදු කළ පරීක්ෂණ හොඳට කළා නම් මේ ප්‍රශ්න කිසිවක් නැතැයි ද රවී කරුණානායක මහතා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ ගැන ගෙන යන වැඩ පිළිවෙළට චෝදනා කර කර නොසිට රට ජනතාව වෙනුවෙන් විපක්ෂය කළ යුත්තේ ඔහුට සහයෝගය ලබා දීම යැයි ද පෙන්වා දුන් රවී කරුණානායක මහතා මේ චෝදනා කරන කිසිවෙකු අමාරු අවස්ථාවේ දී රට භාර ගත්තේ නැතැයි ද සිහිපත් කළේය.

මේ දේශපාලන බොරුවට තිත තැබිය යුතු කාලය උදා වී ඇතැයි ද, දේශපාලනයේ හැමතැනම තිබෙන්නේ කයිවාරු විතර යැයි ද, වැඩ නැතැයි ද කියා සිටී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ 225න් දෙසියක් විතර ජනාධිපතිවරයා සමග වැඩ කරන්නේ යැයි ද, විපක්ෂයේ සිටින්නේ මන්ත්‍රීවරුන් 25 ක් විතර යැයි ද සඳහන් කළේය. 

මේ රටේ ප්‍රශ්න තිබෙන්නේ දේශපාලකයින්ට නොව ජනතාවට යැයි ද, එම නිසා ජනතාවගේ ප්‍රශ්න විසඳන්න සෑම දෙනාම ක්‍රියා කළ යුතු යැයි ද, ඊට ජනමාධ්‍යයටත් වගකීමක් තිබෙන්නේ යැයි ද රවී කරුණානායක මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

Latest News

More like this

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...

ලංකාවට අත දෙන්න චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයින් ජවිපෙ මූලස්ථානයට පැමිණේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජිත කණ්ඩායමක් නිරීක්ෂණ චාරිකාවක්...

අගමැති මෝදිගෙන් ජනපතිට ඇමතුමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දුන්...