රනිගෙන් සල්ලි ගන්න බව සජබ මන්ත්‍රීවරු සජිත්ට කියලත් නෑ

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ (SJB) මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු රජයේ විමධ්‍යගත අයවැයෙන් රුපියල් මිලියන 50 බැගින් ලබා ගෙන ඇත්තේ පක්ෂ නායකත්වයේ අනුමැතියකින් තොරව බව වාර්තා වෙනවා.

පසුගිය කාලයේ පැවති ආණ්ඩු කළේ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට තම ආසනවල තමන් කැමති සංවර්ධන ව්‍යාපෘති කිරීමට මුදල් වෙන් කිරීමයි. කෙසේ වෙතත්, පසුගිය වසර පහක කාලය තුළ එවැනි ප්‍රතිපාදන සිදුවී නොමැති අතර, ඒ වෙනුවට එම කාලය තුළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා එම කාර්යය සඳහාම මුල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව සඳහන් වෙනවා.

එම ප්‍රතිපාදන ලැබූ SJB මන්ත්‍රීවරුන් අතර ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් මාන්නප්පෙරුම, කාවින්ද ජයවර්ධන සහ J. C. අලවතුවල ද ඇතුළත්.

නමුත් මෙම මන්ත්‍රීවරුන් රජයෙන් මුදල් ලබා ගැනීමට පක්ෂ නායකත්වයෙන් අනුමැතිය ලබාගෙන නැහැ.

මේ සම්බන්ධයෙන් අදහස් විමසූ විට SJB මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ මෙම කිසිදු මන්ත්‍රීවරයෙකු ඊට පක්ෂ අනුමැතිය ලබා නොගත් බවයි.

“අපි මීළඟ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ කාරණය මතු කරනවා” යැ‍යි ඔහු සඳහන් කර තිබෙනවා.

මිලියන 50ක් ගත් මන්ත්‍රීවරයෙක් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙම ප්‍රතිලාභය හිමිවන බවත්, එබැවින් ජනතා කේන්ද්‍රීය වැඩකටයුතු සිදුකිරීමට මුල්‍ය ප්‍රතිපාදන සඳහා ඉල්ලුම් කළ බවයි.

“මේ වගේ වැඩ කරන එකේ වරදක් නෑ. විමධ්‍යගත අයවැයෙන් ප්‍රතිලාභ ලැබීමට අපට අයිතියක් තියෙනවා. පක්ෂ ධූරාවලිය සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාවක් මා දකින්නේ නැහැ” එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් එසේ පැවසූ බවයි වාර්තා වෙන්නේ.

Latest News

More like this

සංක්‍රාන්තික ලිංගික පුද්ගලයින්ගෙන් බහුතරය ලිංගික ශ්‍රමික රස්සාව තෝරාගෙන…

මෙරට සිටින සංක්‍රාන්තික ලිංගිකභාවයක් (Transgender Sex) සහිත පුද්ගලයින්ගෙන් සියයට...

කාන්තාවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකුට සමීප සහකරුගෙන් ලිංගික හිරිහැර

ගෝලීයව කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ආසන්න වශයෙන් සිය සමීප...

පුරවැසියෙක් වීම පුරුෂ ලිංගය එළියට දානවට වඩා ලොකු වැඩක්… නවසීලන්ත ජාතික තරුණියට ආචාරය

නවසීලන්ත ජාතික තරුණියගේ මේ ලස්සන වචන ටිකට පින් දෙන්න...

නාමල්ගේ උපාධි සහතිකවල දින පැටලිලා.. නලින්දගෙන් හෙළිදරව්වක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට...