රනිල් එක්ක පුළුවන් තාක්කල් යනවා – හිටපු ජනපති මහින්ද

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කවර හෝ පුද්ගලයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ හැකිතාක් දුර යන බවත් නොහැකි තත්ත්වයකදී නවතින බවත් ඒ මහතා මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් සඳහන් කළා.

ඒ අතර වාර්තා වන්නේ ඊයේ (09) පැවති එම පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී එළඹෙන ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම හා ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමේ වගකීම එහි නායක මහින්ද රාජපක්ෂ මහතාට පවරා ඇති බවයි.

පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය, පක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වී තිබුණා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!