රුසියානු සොල්දාදුවන් විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද බාලවයස්කරුවන් දෙදෙනෙකු ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් යුක්‍රේන පවුල

රුසියාව විසින් අත්පත් කරගෙන සිටින නැගෙනහිර යුක්‍රේනයේ Volnovakha නගරයේ කුඩා දරුවන් ඇතුළු නව දෙනෙකුගෙන් යුත් පවුලක් ඔවුන්ගේ නිවස තුළ වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෙම බිහිසුණු ඝාතන සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ල වී ඇත්තේ රුසියානු සොල්දාදුවන්ට යි.

යුක්‍රේන බලධාරීන් චෝදනා කර ඇත්තේ තම නිවස සොල්දාදුවන්ට ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා Kapkanets පවුල ඔක්තෝබර් 27 වන දින මරා දැමූ බවයි.

BBC වාර්තාවකට අනුව, රුසියානු විමර්ශකයින් පිරිමි සැකකරුවන් දෙදෙනෙකු රඳවාගෙන ඇති අතර ඔවුන් පවසන්නේ ඈත පෙරදිග සිට පැමිණි රුසියානු සොල්දාදුවන් බවයි.

මෙම ම්ලේච්ඡ ඝාතනවල ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිකුත් වී තිබේ. එම ඡායාරූපවලින් ඔවුන් ඇඳේ වැතිර සිටින ආකාරයත් ලේ තැවරුණු සහ වෙඩි උණ්ඩවලින් වැසී ඇති සිරුරුත් පෙන්වයි. සමහර හද කම්පා කරවන පින්තූරවල, ඝාතනයට ලක් වූ පවුල එකිනෙකා වැලඳගෙන සිටිනු දැකගත හැකි විය.

Latest News

More like this

අරගලයේ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මන්ත්‍රීවරු ලබාගත් වන්දි ආපසු ලබා ගැනීමේ නඩුවට දින නියම වේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා...

ඇමරිකන් බද්ද අඩු කරගන්න ආණ්ඩුවට රනිල්ගෙන් තුරුම්පුවක්..

රී ලංකාවේ අපනයන සඳහා දැනට පනවා ඇති සියයට 30...

අමෙරිකාව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා තීරුබදු ‘සීරෝ’ කිරීමට සැරසෙයි

ශ‍්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වර්ග 1161කින් 42ක්...

භික්ෂූන් වහන්සේලාගේ අබිරහස් ජීවිත බ්ලැක්මේල් කර තායිලන්තයේ නිර්මල බුදුදහම අර්බුදයට යැවූ කාන්තාව

ජ්‍යෙෂ්ඨ නායක බෞද්ධ භික්ෂූන් වහන්සේලා පොළඹවාගනිමින් ඔවුන්ගේ සමීප තොරතුරු...
error: Content is protected !!