රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මිය ගිය බවට ඉකුත් දිනවල ආන්දෝනලාත්මක ප්‍රකාශයක් පැතිර ගිය අතර එය ක්‍රෙම්ලිනය හිතාමතා ප්‍රචාරය කරන ලද කටකතාවක් බව වාර්තා වී තිබෙනවා.
රුසියානු ජනතාව අතර ඔහුගේ ජනප්‍රියත්වය පරීක්ෂා කිරීම එහි අරමුණ වූ බවයි පැවසෙන්නේ.
පසුගිය සතියේ රුසියානු නාලිකාවක් විසින් පළ කළ වාර්තාවකින් රුසියානු නායකයා මිය ගොස් ඇති බව පැවසුණා.
යුක්‍රේන හමුදා බුද්ධි ප්‍රකාශක ඇන්ඩ්‍රී යුසොව් කියා සිටියේ දේශීය පාලනය දැඩි කිරීමට උදව් කිරීමට මොස්කව් විසින් කරන ලද උපක්‍රමයක් බවයි.
රුසියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ රුසියානු ජනාධිපතිවරයා රෝගී වී සිටින බව ඔහු කෝමා තත්ත්වයට පත්ව ඇති බවත් අනතුරුව ඔහු මියගොස් ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් හට ගැනීම හේතුවෙන් ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්ට ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට ද සිදුව තිබෙනවා.
ඒ අනුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මිය ගිය බවට පළවූ වාර්තා මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ප්‍රතික්ෂේප කළ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.