වැස්සෙන් වහළය හිසට කඩන් වැටුණු මිනිසුන්ගෙ ඇඟට කඩන් පැන්න වැලිගම ප්‍රාදේශීය ලේකම්වරිය

බන්ඩරමුල්ල, මිරිස්ස ප්‍රදේශයේ පදිංචි පවුලක් ජීවත් වූ ලෑලි නිවස වැස්සට කඩා වැටීම හේතුවෙන් අන්ත අසරණ වූ පවුලක් පිළිසරණ පතා වැලිගම ප්‍රාදේශීය ලේකම්වරිය හමුවන්න ගිය අවස්ථාවේ ඇය දැක්වූ අකාරුණික ප්‍රතිචාරයේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයන්හි සංසරණය වෙනවා.

ඔවුන් ඇය වෙත ගොස් තිබුණේ නිවසක් තනා ගැනීම සඳහා ඉඩමක් ලබා ගැනීම සම්බන්ධයෙන් විමසීමකටයි.

ප්‍රාදේශීය ලේකම්වරිය වෙත ගොස් දුක කියන එම නිවසේ වැඩිහිටි මවට “බොරුවට අඬන්න එපා” යයි කියමින් සැර පරුෂ ආකාරයෙන් කතා කරන ආකාරය එම වීඩියෝ පටයේ දැක්වෙනවා.

එම පවුල වෙනුවෙන් සාකච්ඡා කිරීමට වැඩම කළ ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපිටම සිදුවන ඇගේ ක්‍රියාකලාපය පිළිකුල් සහගත බවයි බොහෝ දෙනෙක් ගේ අදහස වී ඇත්තේ.

“මීට දවස් කීපයකට කලින් මාගේ නිවස සම්පුර්ණයෙන්ම කඩා බිමට වැටුණා. මා සහ මාගේ පුතා සහ ඔහුගේ බිරිද සහ එකම දරුවා අමාරුවෙන් වුවද ජීවත් වුයේ මෙම නිවසේයි. නොසෑහෙන අගහිගකම් මැද අප ජිවිතය ගැට ගහ ගත්තේ දුක් පීඩා රැසක් විඳිමින්. අප දැන් සිටින්නේ තාවකාලිකව ලී හතරකින් සහ සහ රෙදි වටේට දමා සකස් කල මඩුවකයි.” මෙම නිවසේ ජීවත්වන වියපත් මව පසු ගිය දා ඉල්ලා තිබුණා.

වැලිගම ප්‍රාදේශීය ලේකම්වරියගේ හිත ඇගේ ඉල්ලීම ඉදිරියේ උණු නොවුණ අතර ඇයට අකාරුණික වචනවලින් දමා ගැසූ බවයි පෙනෙන්නට තිබුණේ.

මෙය සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමඟ වැලිගම සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ප්‍රකාශයක් කරමින් ප්‍රාදේශීය ලේකම්වරියගේ ක්‍රියාකලාපය ඉවසීමේ සීමාව ඉක්මවා යාමක් යයි පවසා ඇඟ බේරා ගැනීමට උත්සහ කරන ආකාරය ද දකින්නට ලැබුණා.

Latest News

More like this

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...

දිලිත්ගේ දෙරණ අමෙරිකානු සුපර් හර්කියුලිස් ගුවන් යානයකින් උතුරට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන...

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...