විභාග නැතුව කොරියාවට යවන බව පවසන අයට හසු වෙන්න එපා – මනූෂ නානායක්කාර

රට යවන බව පවසා මුදල් එකතු කරන ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසත් ඔවුන් පිළිබඳ දැනුම් දෙන ලෙසත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පවසා තිබෙනවා.

විභාගයක් නැතිව කොරියාවට ගොස් රැකියා කළ හැකි බව ඇතැම් ජාවාරම්කරුවන් පැවසුවද එය අසත්‍ය බව ද ඔහු සඳහන් කළා.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ‘මගෙන් පටන් ගමු-ජය ගමු ශ්‍රී ලංකා’ වැඩසටහන හම්බන්තොට අඟුණකොලපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී ආරම්භ කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“මේ වෙනකොට කොරියාවේ රැකියා දෙනවා කියලා මුදල් එකතු කළ ජාවාරම්කරුවන් කිහිප දෙනකුම අපි අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. කිසිදු ආකාරයක පුද්ගලයකුට කොරියාවේ හෝ වෙනත් රටකට යන්න කියලා මුදල් දෙන්න එපා. ඔවුන්ට අහුවෙන්න එපා. එවැනි ක්‍රියා සිදු කරන අයකු සිටී නම් වහාම ඒ පිළිබඳව අපි දැනුවත් කරන්න.

මේ රටට විදෙස් විනිමය ගේන්න මේ රටේ තරුණ තරුණියන්ට අවස්ථාව උදා කර දීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ අනුව තමයි අපි කොරියාවට විභාගයකින් තොරව අපේ තරුණ තරුණියන් යොමු කළ හැකිද යන්න පිළිබඳව සොයා බලමින් ඉන්නේ. ඇතැම් ජාවාරම්කාරයන් අපේ නම් විකුණාගෙන විවිධ ප්‍රදේශවල මුදල් එකතු කිරීම් කළ බවට වාර්තා වුණා. එවැනි පුද්ගලයන් මේ වන විට අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කර තිබෙනවා.

ඒ නිසා සමස්ත රට වැසියන්ටම කියන්න තියෙන්නේ විභාගයකින් තොරව දැනට කොරියාවේ රැකියාගත කිරීමේ කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලයි. ඒ නිසා රට යන්න විවිධ ජාවාරම්කාරයන්ට මුදල් දෙන්න එපා. දැනට විභාගයක් නොමැතිව කොරියාවට යන්න අවස්ථාව තියෙන්නේ වෑද්දුම් ශිල්පීන්ට පමණයි. එයත් කොරියානු විශේෂඥයන් ඉදිරියේ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුවයි. එහෙම නැතිව යන්න බෑ. අද වන විට තරුණ තරුණියන් වැරදි ක්‍රම ඔස්සේ රට යවන ජාවාරම් රට හැම තැනම ක්‍රියාත්මක වෙනවා.මේක බරපතළ තත්ත්වයක්. මේ තත්ත්වය නැවැත්වීමට අමාත්‍යාංශය විදියට අපි ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් තියෙනවා.”

Latest News

More like this

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසියි.. පාලනය සමාගම් 6ක් යටතට

ලංකා විදුලි බල මණ්ඩලය මේ මස අවසානයේ දී අහෝසි...

සමලිංගික මොඩියුලයේ සෝදුපත් කියවූ අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.. ඇමති විජේපාල

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක...

යූ ටියුබ් ‘කාරි’ ට නලින්දගෙන් රු බිලියනයක එන්තරවාසියක්

යූ ටියුබ් ක්‍රියාකරුවකු වන ධර්මසිරි කාරියවසම් යන අයට එරෙහිව...

ආපදාව පිට දමා හෝ පාසල් කාලය දීර්ඝ කිරීමේ යෝජනා හකුළා ගත් හරිනිට හතරවටෙන්ම ප්‍රශංසා

2026 වර්ෂයේ පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යන මැයෙන් නිවේදනයක්...