ශ්‍රීලනිප මූලස්ථානය වැසීමට පොලිසිය සම්බන්ධ නැහැ

කොළඹ 10, ටී.බී. ජායා පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දොරගුළු වසා දැමීම සිදු කළේ පොලිසිය විසින් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

කාර්යාලයේ තිබූ වැදගත් ලිපිගොනු කීපයක් අතුරුදන්ව ඇති බවට ඒ පක්‍ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට පැමිණිලි කර ඇති බවත්, සිදු වී ඇත්තේ සොරකමක්ද නැද්ද යන්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට කාර්යාල පරිශ්‍රයට පොලිසිය යා යුතු බැවින් ඒ සඳහා කාර්යාලය විවෘත කර දෙන තුරු පොලිසිය බලා සිටින බව ද මහතා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එම මූලස්ථානය වසා දමා එහි යතුරු රැගෙන ගොස් ඇත්තේ එම පක්ෂයේම කණ්ඩායමක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

පොලිසිය කර ඇත්තේ ගැටුමක් ඇති නොවීමට ඒ කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ලට ආරක්ෂාව සැපයීම පමණක් බව පැවසෙනවා.

Latest News

More like this

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...

බොලිවුඩයේ සදාකාලික වීරයා එක රැයින් දුෂ්ටයෙකු වේ

බොලිවුඩයේ සදාකාලික පෙම්වතා ලෙස ෂාරුක් ඛාන් ඔසවා තැබූ ඉන්දියානුවන්...