ශ්‍රී ලංකාවට කච්චතිව් දූපත දීම පිළිබඳ ප්‍රශ්ණයට කන්ගනාත් අත දායි

ඉන්දියාවේ ලොක් සභා මැතිවරණයට පෙර දේශපාලන ප්‍රබෝධයක් බවට පත් වූ කච්චතිව් දූපත පිළිබඳ ප්‍රශ්ණය මේ වන විට ඉන්දීය දේශපාලන ලෝකයේ උණුසුම්ම මාතෘකාවක් වී තිබෙනවා.

කොන්ග්‍රස් නායක දිග්විජය සිං පසුගිය දා මාධ්‍ය වෙත පිළිතුරක් ලබා දෙමින් “ඒ දූපතේ ජීවත් වන්නේ කවුද? මට මේ ප්‍රශ්නය ඇසීමට අවශ්‍යයි” යනුවෙන් පෙරළා ප්‍රශ්ණ කර සිටි අතර අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් එහි යාමේ ප්‍රශ්නය ගැන ඔහුගෙන් විමසූ විට පැවසුවේ එය අගමැති මෝදිගේ විකාර ප්‍රකාශයක් බවයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය දා තමිල්නාඩුවේ සිය මහජන රැලියේදී යළිත් මෙම මාතෘකාව මතු කරමින් කොංග්‍රසය කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබා දීමට එරෙහිව අදහස් දක්වා තිබුණා.

“මේ තීරණය ගත්තේ කාගේ උවමනාවටද? කොංග්‍රසය මේ ගැන නිහඬයි. තමිල්නාඩුවේ ධීවරයන් දහස් ගණනක් ඒ දූපත අසලට ගොස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන (NDA) රජය එවැනි ධීවරයින් නිදහස් කර ඔවුන් ආපසු ගෙන්වා ගන්නවා. මෙය පමණක් නොවේ. ධීවරයින් පස් දෙනෙකුට මරණ දණ්ඩනය නියම කළා, නමුත් මම ඔවුන්ව පණපිටින් ගෙනාවා, DMK සහ කොංග්‍රසය ධීවරයින්ගේ වැරදිකරුවන් පමණක් නොව රටේම වැරදිකරුවන්” බව අගමැති මෝදි එහි දී ප්‍රකාශ කර තිබුණා.

හිමාචල් ප්‍රදේශ් හි භාරතීය ජනතා පක්ෂයේ ලෝක් සභා අපේක්ෂිකාවක වන රංගන ශිල්පිනියක වන Kangana Ranaut දිග්විජය සිංගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා සිටියේ මෙම මානසිකත්වය නිසා කොංග්‍රස් පාලනය යටතේ රටේ දුෂ්කර ප්‍රදේශවල සංවර්ධනයක් සිදු කළ නොහැකි බවයි. “අක්සායි චින් මුඩු බිමක් ලෙස හැඳින්වු නේරුගේ සිතුවිල්ල තවමත් කොන්ග්‍රසය තුළ ජීවමානයි,” කන්ගනා රනවුත් X ඔස්සේ අදහස් දක්වමින් කොංග්‍රසය වෙත පහර එල්ල් කර තිබුණා.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!