ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට තායිලන්තයේ තාවකාලික පැවිද්ද ලබා ගැනීමට අවස්ථාවක්

තාවකාලික පැවිද්ද ලබා දීම සඳහා මුළු ලෝකයේම ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන තායිලන්තයේ තාවකාලික පැවිද්ද ලබා ගැනීමේ අවස්ථාව මෙරට රාජ්‍ය සේවයේ නියුතු සේවකයන්ට ලබා දීමට තායිලන්ත රජය සැලසුම් කර ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මෙම වැඩසටහන 2024 වර්ෂයේ ජුනි මාසයේදී දින 15 ක් පුරාවට පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ නියුතු මේ සඳහා කැමැත්ත දක්වන නිලධාරීන් තායිලන්ත තානාපති කාර්යාලය හා බුද්ධ සාශන අමාත්‍යාංශය ඒකාබද්ධව පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයක් ඔස්සේ තෝරා ගන්න බව අදාළ නිවේදන්යේ දැක්වෙනවා.

තෝරා ගනු ලබන රාජ්‍ය නිලධාරීන් සඳහා ආහාර පාන, ගුවන් ටිකට්පත් හා නවාතැන් තායිලන්ත රජය විසින් දරනු ලබන බවයි සඳහන් වෙන්නේ.

මෙම අවස්ථාව හිමිවන්නේ රාජ්‍ය සේවයේ සිටින පිරිමි නිලධාරීන් සඳහා පමණක් බව ද එහි වැඩි දුරටත් සඳහන්.

තායිලන්ත රජුගේ ජන්ම දිනය මුල් කරගනිමින් දෙරට අතර ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා වැඩි දියුණු කිරීම මෙම වැඩසටහනේ මූලික අභිප්‍රාය වී ඇතැයි එම නිවේදනයේ සඳහන් වෙනවා.

Latest News

More like this

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...