ශ්‍රී ලංකාව රටවල් පහකට නොමිලේ වීසා නිකුත් කිරීමට සූදානම්

දිවයිනට නිතර පැමිණෙන රටවල් පහක සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව නොමිලේ වීසා නිකුත් කිරීමට නියමිත බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමඟ එක්ව මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බවයි ඔහු පවසන්නේ.

කැබිනට් පත්‍රිකාවට අනුව චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරකයින්ට වීසා ගාස්තුවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලැබෙන බව සඳහන්.

“මෙම රටවල් පහේ සංචාරකයින්ට ගාස්තුවකින් තොරව වීසා ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමේදී වීසා බලපත්‍ර ලබා ගැනීමට සිදුවෙනවා, නමුත් කිසිදු ගාස්තුවක් අය කෙරෙන්නේ නැහැ. ඔවුන්ට ආරක්ෂක කටයුතු සඳහා පමණක් වීසා බලපත්‍රයක් ලබා ගැනීමට සිදුවෙනවා” අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

මෙහි අරමුණ වන්නේ මෙම ජාතීන්ගෙන් වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ගෙන්වා ගැනීම සහ ඉදිරි වසරවලදී වාර්ෂිකව ශ්‍රී ලංකාවට සංචාරකයින් මිලියන පහක් ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමයි. එසේම, චීනය සිය පුරවැසියන්ට සංචාරය කරන ලෙස නිර්දේශ කළ රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත්ව තිබීම විශේෂ තත්ත්වයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...