ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදීන් ඉන්දියාවට යැවූ මොළකරු CID අත්අඩංගුවට

ISIS ත්‍රස්තවාදීන් යැයි කියන ශ්‍රී ලාංකික සිවුදෙනා ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට යැවීමට සම්බන්ධීකරණය කළ බවට සැක කෙරෙන ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නමැති අවශ්‍ය සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කළේ මෙම තැනැත්තා පිළිබඳ තොරතුරු ලබා දෙන්නේ නම් රුපියල් ලක්ෂ විස්සක ත්‍යාගයක් ලබාදෙන බවයි.

පොලිසිය විසින් කොළඹදී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ

තහනම් ඉස්ලාමීය රාජ්‍ය (ISIS) සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකපිට පසුගිය සතියේ ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනාගේ හසුරුවන්නා ලෙස 46 හැවිරිදි සැකකරු ක්‍රියා කර ඇති බවට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සැක පළ කරනු ලබනවා.

ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය (ATS) විසින් මැයි 19 වන දින අහමදාබාද්හි Sardar Vallabhai Patel ගුවන් තොටුපළේදී ISIS සමඟ සම්බන්ධකම් ඇති ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...