ශ්‍රේෂ්ඨාධිකරණයේ ශාඛාවක් ගමට. ගම තුළම නඩු අහන Village Court එකක් – ලාල්කාන්ත කියන නඩු අහන ක්‍රමය මේකයි

ජාතික ජන බලවේගයේ මැයි දින රැළියක දී එහි විධායක සභික ලාල් කාන්ත මහතා කළ කතාවේ ඉතා දියුණු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ පෙන්නුම් කරන බව ජාතික ජන බලවේගයේ නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

බලය කියන කාරණාවෙ දී ජනතාව සවිබල ගැන්වීම එහි අර්ථය වන නමුත් ප්‍රතිවාදීන් එහි සත්‍ය විකෘති කළ බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ඕනෑම පු‍රවැසියකුට රජයට එරෙහිව පොලීසියට එරෙහිව තමාට ඇති නීතියේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට හැකියාව ඇති බව ඔහු සඳහන් කරනවා.

නමුත් එම නීතිමය බලය ලබා ගැනීම එය ක්‍රියාත්මක වන ස්වභාවය තුල සාමන්‍ය පුරවැසියකුට දැරිය නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා. උදාහරණයක් ලෙස මූලික අයිතිවාසිකම් කඩවීමක දී ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට සිදුව ඇති නිසා යාපනයේ සිටින පුද්ගලයකුට පවා කොළඹට පැමිණීමට සිදුව ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

එම නිසා යුක්තිය ජනතාව අතරට ගෙනියන සාකච්ඡාවක දී ශ්‍රේෂ්ඨාධිකරණයේ ශාඛාවක් ගමට ගෙනියන ක්‍රමයක් සලකා බැලිය හැකි බව ඔහු පවසනවා.

නීතිමය දැනුම තියෙන නිලධාරීන් හරහා ගම තුල වන අපරාධ සඳහා නීතිය ක්‍රියාත්මක කරනු ලබන Village Court සංකල්පය මෙයට උදාහරණයක් බව ද ඔහු පැවසුවා.

ඊයේ ජාතික ජන බලවේගයේ නීතිඥයෝ (LNPP) පැවැත්වු මාධ්‍ය හමුවේ දී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළා.

“ලාල්කාන්ත සහෝදරයාගේ ප්‍රකාශය සාධාරණීකරණය කරන්න අපට කිසිම අවශ්‍යතාවයක් නෑ. මොකද ඔහු වරදක් කියලා නෑ. නමුත් කතාවක් තියෙනවා. සත්‍ය ගමනක් යන්න හදනකොට බොරුව තුන්පාරක් ලෝක වටේ ගිහින් ගෙදරත් ඇවිත් කියලා. ප්‍රතිවාදීන්ගේ විකෘති අසත්‍ය සමාජ ගත වීමේ වේගය වැඩියි අපි කියන සත්‍යට වඩා. ඒ අභියෝගයට මුහුණ දෙමින් තමයි මේ මාධ්‍ය ප්‍රකාශය කරන්න වෙලා තියෙන්නෙ.

ඔබ මාධ්‍යයේ දැක්කේ විනාඩි 42 ක කතාවක විනාඩි එකහමාරක්. බලය පහළට පහළට බෙදිලා යනව කිව්වෙ ගමේ ජනතා විමුක්ති පෙරමුණේ පස් දෙනෙක් නඩුවක් අහනව කියන එක නෙවෙයි. අවසානයෙ ප්‍රතිවාදී දේශපාලන පක්ෂවල ජනාධිපති නීතිඥයන් පවා මාධ්‍යට ඇවිත් මේ කරුණු විකෘති කිරීමට කටයුතු කළා.”

Latest News

More like this

ආපදා සහන සැලසීමට චන්ද්‍රිකාගෙන් රු මිලියන 250ක ප්‍රදානයක්

හදීසි ආපදා තත්ත්‍වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා...

රුපියල් මිලියන 400 ක ආධාර රැගත් චීන ගුවන් යානය පැමිණේ

ශ්‍රී ලංකාවේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාව සඳහා චීනය විසින්...

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...