සජිත්-ජලනි, සාලිය පීරිස් ජෙරම්ගෙ ගෝලයෝ…

සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියද ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ ගෝලයන් බව හිටපු හමුදා බුද්ධි නිලධාරීන් කීර්ති රත්නායක මහතා සඳහන් කරයි.

රාජපක්ෂලා පමණක් නොව සජිත් ප්‍රේමදාස, ජලනි ප්‍රේමදාස, රෝසි සේනානායක, දප්පුල ලිවේරා, සාලිය පීරිස් ඇතුළු පිරිස්ද මේ අතර සිටින බව ද හෙතෙම පවසයි.

මෙරට බලවත් පිරිස් ජෙරම් සමග සිටින පොලීසියට ඔහුගේ මයිලකටවත් අත තියන්න බැරි බව ද හෙතෙම කියා සිටී.

ජෙරම් ප්‍රනාන්දුගේ ආගමික ස්ථානය ඉදි කිරීම සඳහා ආණ්ඩුව විසින් ඉඩම ලබා දුන්නේ පර්චසය රුපියල් 50 බැගින් බවත් ඔහු තවදුරටත් සදහන් කලේය.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීමටද මූලික වුණේ බෝර්න් අගේන් කල්ලිය බවත් හෙතෙම එහිදී පැවසීය.

Latest News

More like this

බංගලාදේශයේ පළමු අගමැතිනිය කලීඩා සියා සමුගනී

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වී තිබෙනවා....

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...