ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන යුක්‍රේන සාම සාකච්ඡා ගැන පුටින්ට හිනා

ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත යුක්‍රේන සාම සාකච්ඡා වටය රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් සමච්චලයට ලක් කර තිබෙනවා.

එම සාකච්ඡා සඳහා රුසියාවට ආරධනා කර නොමැති බව පැවසූ පුටින් පවසා ඇත්‍තේ මොස්කව් නොසලකා හරින බලාත්මක සැලසුම් කිසිවක් පිළි නොගන්නා බවත් එය විහිළුවක් බවත් ය.

ස්විට්සර්ලන්ත රජය මේ සතියේ බදාදා දින නිවේදනයක් කරමින් ජූනි 15 සහ 16 යන දිනවල ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පවත්වනු ඇති අතර එය වසර දෙකක් තිස්සේ අඛණ්ඩව පවතින රුසියාව සමඟ යුද්ධය මධ්‍යයේ යුක්‍රේනයේ සාමය සඳහා මගක් සෙවීම අරමුණු කර ගෙන ඇති බව ප්‍රකාශ කළා.

යම් දිනක රුසියාව ද සාම ක්‍රියාවලියට එක්වනු ඇතැයි වැඩිදුරටත් විශ්වාසය පළ කරන බව පවසමිනුයි ස්විස්ටර්ලන්තය එම නිවේදනය නිකුත් කර තිබුණේ.

ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සඳහා රුසියාවට ආරාධනා නොකළ බව පැවසූ පුටින් රුසියාව නොමැතිව සාම ක්‍රියාවලියක් සිදු කළ නොහැකි බව ඒ අනුව පෙන්වා දී තිබෙනවා.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...