සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍රය ලීක් කළ හසලක ටියුෂන් සර්ගේ දුරකතන පොලිස් භාරයට

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ පෞද්ගලික උපකාර පන්ති ඉංග්‍රීසි ගුරුවරයෙකු සහ ඔහුගේ මවගේ ජංගම දුරකථන පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරයාගෙන් සහ ඔහුගේ මවගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද පොලිසිය සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පැවසුවේ දැනට පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගවලදී අනාවරණය වූ අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනු කළ බවයි.

කොළඹ, කොටහේන සහ හසලක යන විභාග මධ්‍යස්ථාන දෙකක සිදුවීම් වාර්තා වී ඇති බව ඔහු පවසා තිබෙනවා.

මේ අතර ඇතැම් අයදුම්කරුවන් විසින් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු ලබා ගැනීමට ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කර ඒවා වෙනත් අය සමඟ බෙදා ගැනීමට උත්සාහ කළ අවස්ථා කිහිපයක් ද වාර්තා වීඇති බව සඳහන්.

එම ජංගම දුරකථන ද රාජසන්‍තක කර ඇතැයි වාර්තා වෙනවා.

Latest News

More like this

ඉරානය නොසන්සුන් කළ ආගමික සංස්ථාව හා වෙළඳ පැලැන්තිය අතර ගැටුම

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩව දහතුන්වන දිනටත් සිකුරාදා පැවැත්වුණේ...

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...