හතක් අවසන් ගමන් යැවූ Foxhill ඛේදවාචකය DJ දමා සමරලා

දියතලාව Foxhill Supercross තරඟාවලි ඉතිහාසයේ අඳුරුතම දිනය සනිටුහන් කරමින් ඊයේ (21) සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලැබුවා.

තරඟය එවැනි ඛේදවාචකයකින් නිමා වුවත් එහි සංවිධායක මණ්ඩලය කලින් සැලසුම් කර තිබූ ආකාරයටම ඊයේ රාත්‍රී කාලයේ දී DJ සංගීත රාත්‍රියක්, එලෙසින්ම පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

Foxhill Journey නමින් සංවිධානය කර තිබෙන මෙම වැඩසටහනෙහි නිල ෆේස් පිටුවෙහි සඳහන් කර ඇත්තේ Foxhill Supercross 2024 ධාවන පථයේදී සිදු වූ අනතුරින් ජීවිත ගණනක් අහිමි වීම පිළිබඳව ඔවුන් කණගාටුව පළ කරන බවයි.

කෙසේවෙතත්, මෙම DJ සංගීත රාත්‍රිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බැවින් එය අවලංගු කළ නොහැකි තත්වයක් පවතින බව නිවේදනය කළ සංවිධායකයින් ඊයේ රාත්‍රියේ දී එම වැඩසටහන එයාකාරයෙන්ම පවත්වා ඇතැයි වාර්තා වෙනවා.

Foxhill Supercross මෝටර් රථ තරඟාවලිය ශ්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ සහයෝගයෙන් සංවිධානය කර තිබුණි.

Latest News

More like this

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...

බංගලාදේශයේ පළමු අගමැතිනිය කලීඩා සියා සමුගනී

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වී තිබෙනවා....

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...