හැකි ඉක්මණින් මාව මෙතනින් නිදහස් කරගන්න – හමාස් සංවිධානය පළමු වරට නිකුත් කළ 21 හැවිරිදි ප්‍රාණ ඇපකාරියගේ වීඩියෝව

හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු පළමු වරට ඔවුන්ගේ ප්‍රාණ ඇපකරුවෙකුගේ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

එය ඔවුන්ගේ Telegram හි පළ කරනු ලැබූ අතර එහි හමාස් වෙතින් වෛද්‍ය ප්‍රතිකාර ලබන බව කියන තරුණියක් පෙන්වනු ලබයි.

වීඩියෝ පටයේ, තරුණියගේ බිඳී ගිය අතට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ආකාරය දැකගත හැකියි.

“හායි, මම මියා ෂෙම්, Shoham හි ජීවත් වුණේ. අවුරුදු 21 යි. දැනට මම ගාසා වල ඉන්නේ. මම සෙනසුරාදා උදෑසන Sderot වල උත්සවයකට සහභාගී වෙලා හිටියා. ප්‍රහාරයෙන් මගේ අතට බරපතළ තුවාල වුණා. ගාසා හි රෝහලේදී මගේ අතට පැය තුනක සැත්කමක් කළා.එයාලා මාව බලාගන්නවා, බෙහෙත් දෙනවා. ඔක්කොම හරි.මා ඉල්ලා සිටින්නේ හැකි ඉක්මණින් මා නිවසට ගෙන්වා දෙන ලෙසයි. හැකි ඉක්මණින් මාව මෙතනින් ඉවත් කරගන්න”

හමාස් හි ටෙලිග්‍රාම් නාලිකාවේ වීඩියෝව නිකුත් කරනු ලැබුවේ”අල්-අක්සා සටනේ පළමු දිනයේ අල්ලා ගන්නා ලද ගාසාවේ කාන්තා සිරකාරියකට අල්-කසාම් බළකායේ මුජාහිදීන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙයි” යන ශීර්ෂ පාඨය සමඟින්.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා, 21 හැවිරිදි ප්‍රාණ ඇපකාරියගේ වීඩියෝව විස්තර කළේ “මානුෂීය සංවිධානයක් ලෙස පෙනී සිටීමට හමාස් දරන දුප්පත් උත්සාහයක්” ලෙසයි.

හමාස් සංවිධානය විසින් මියාගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් ඇයගේ පවුලේ අයට දැනුම් දී ඇති බව ද වාර්තා වෙනවා.

Latest News

More like this

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...