හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාගේ වගාවට අහුවුණාද..? – මෙන්න මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු කරගෙන යන බව පැවසෙන වගාව සම්බන්ධ ආයතනයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී නොමැති වැවින් එම ආයතනයෙහි මුදල් ආයෝජනය නොකරන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එම වගාව සහ එවැනි ව්‍යාජ ස්ථාන විවිධ ක්‍රම හරහා ඇතැම් ව්‍යාජ ආයතන තැන්පතු භාර ගන්නේ නම් මහ බැංකුවට හෝ පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙස මහ බැංකු අධිපතිවරයා දන්වා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මුදල් ආයෝජන භාර ගැනීම සිදු කළ හැක්කේ මහ බැංකුවේ ලියාපදිංචි ආයතනවලට පමණක් බවයි.

එනිසා මහ බැංකුවේ ලියාපදිංචි නැති කිසිම ආයතනයක හෝ වගා ඇතුළු ව්‍යාජ මුදල් ආයෝජන ක‍්‍රමවල මුදල් තැන්පත් කිරීමෙන් වැලකී සිටීමට ජනතාව වගබලා ගත යුතු බවයි ඔහු පවසන්නේ.

මේ වන විට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු විසින් බාහිර පුද්ගලයින්ට මුදල් ආයෝජනය කළ හැකි වසර ගණනාවකට පසු විශාල මුදලක් හිමිවන බවට පවසමින් සිදු කරගෙන යන වගාවකට බොහෝ දෙනෙකු ආකර්ශනය වී සිටින පසුබිමක ශ්‍රී ලංකා මහ බැංකුව මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇති බවයි පෙනී යන්නේ.

Latest News

More like this

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...

සුළිකුණාටුවෙන් දරුවන් රැසකට දෙමව්පියන් අහිමිවෙලා

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර...