IMF දෙවැනි වාරිකයට ඇමරිකාවෙන් සුභ පැතුම් – චීනයට අදින්නේ නැතුව සියලුම ණය හිමියන්ට සාධාරණව සලකන ලෙසට තරවටුවකුත් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සුබ පතන අතරම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන්හිදී සියලුම ණය හිමියන්ට සමාන හා සාධාරණ ලෙස සැලකීම එක්සත් ජනපදය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චෑන්ග් මහත්මිය ඊයේ (25) මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවූ අවස්ථාවේදී ඔහු වෙත මේ බව දැනුම් දී ඇත.

“ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාධාරණත්වයේ අවශ්‍යතාවය මම අවධාරණය කළෙමි. සියලුම ණය හිමියන්ට සමාන හා සාධාරණ සැලකීම අත්‍යවශ්‍ය වේ. සෑම පාර්ශ්වයකම විනිවිදභාවය තීරණාත්මකයි”එම හමුව පිළිබඳ අදහස් දක්වමින් චෑන්ග් X ඔස්සේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ වර්ධනය සහතික කරමින් සාධාරණත්වය, විනිවිදභාවය, අඛණ්ඩතාව සහ අන්තර්ග්‍රහණය අගය කරන ආර්ථික පසුබිමක් සඳහා එක්සත් ජනපදය කැපවී සිටී,” ඇය එහි වැඩිදුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමඟ මූලික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගණුදෙනුවකට එළැඹ ඇති අතර, ඒ පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා ලෙස පවතී. නමුත් එය නිල වශයෙන් Paris Club ජාතීන් සහ ඉන්දියාව විසින් පිහිටුවන ලද ණය හිමියන්ගේ කමිටුවට සම්බන්ධ වී නොමැත.

පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බීජිං සංචාරයේදී, ශ්‍රී ලංකාවට එහි බාහිර ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගණුදෙනුවකට එළඹීමට හැකිවන පරිදි පූර්ණ සහයෝගීතාව ලබා දෙන බවට චීන මුදල් ඇමැතිවරයා ඔහුට සහතික වී තිබිණි.

Latest News

More like this

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසියි.. පාලනය සමාගම් 6ක් යටතට

ලංකා විදුලි බල මණ්ඩලය මේ මස අවසානයේ දී අහෝසි...

සමලිංගික මොඩියුලයේ සෝදුපත් කියවූ අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.. ඇමති විජේපාල

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක...

යූ ටියුබ් ‘කාරි’ ට නලින්දගෙන් රු බිලියනයක එන්තරවාසියක්

යූ ටියුබ් ක්‍රියාකරුවකු වන ධර්මසිරි කාරියවසම් යන අයට එරෙහිව...

ආපදාව පිට දමා හෝ පාසල් කාලය දීර්ඝ කිරීමේ යෝජනා හකුළා ගත් හරිනිට හතරවටෙන්ම ප්‍රශංසා

2026 වර්ෂයේ පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යන මැයෙන් නිවේදනයක්...