Playboy නිරූපිකාවක් හා ජනප්‍රිය පාපන්දු තරු කිහිප දෙනෙකුගේම පෙම්වතිය වූ ටැබී බ්‍රවුන් අබිරහස් ලෙස මියයයි

ලොව ප්‍රකට සඟරාවක් වන Playboy සඟරාවේ නිරූපිකාවක් සහ දක්ෂ නර්තන ශිල්පිනියක් වන වන ටැබී බ්‍රවුන්(Tabby Brown) මෙතෙක් අනාවරණය නොවූ හේතුවක් මත මියගොස් ඇති බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇය මිය යන විට වයස අවුරුදු 38 පසු වූ අතර ඇගේ රසිකයන්ගෙන් මේ වන විටත් ඇගේ සමාජ මාධ්‍ය වෙත උපාහාර ගලා එමින් පවතිනවා.

දකුණු ලන්ඩනයේ හැදී වැඩුණු ටැබී, Mario Balotellli මෙන්ම Raheem Sterling වැනි ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයන් සමඟ පැවති ප්‍රේම සම්බන්ධතා නිසා ද බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍ර වූ අයෙක්.

ඇගේ මරණයට පෙර බ්‍රවුන් Playboy වෙනුවෙන් සේවය කළ අතර Canon, Virgin Atlantic, Lynx සහ AX ඇතුළු වෙළඳ දැන්වීම් රාශියකට පෙනී සිටිමින් චැනල් 5 හි The Bachelor සඳහා ද සිය සේවය ලබා දී තිබෙනවා.

ඇයගේ මරණය පිළිබඳ පුවත Instagram හි පැතිර යාමත් සමඟ කම්පනයට පත් මිතුරන් සහ පවුලේ අය මෙන්ම රසිකයින් ඇගේ මෑතකාලීන ඡායාරූප යටින් ශෝකය ප්‍රකාශ කරන අදහස් දහස් ගණනින් එක් කර තිබුණා.

Latest News

More like this

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...
error: Content is protected !!