ලොව ප්‍රකට සඟරාවක් වන Playboy සඟරාවේ නිරූපිකාවක් සහ දක්ෂ නර්තන ශිල්පිනියක් වන වන ටැබී බ්‍රවුන්(Tabby Brown) මෙතෙක් අනාවරණය නොවූ හේතුවක් මත මියගොස් ඇති බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඇය මිය යන විට වයස අවුරුදු 38 පසු වූ අතර ඇගේ රසිකයන්ගෙන් මේ වන විටත් ඇගේ සමාජ මාධ්‍ය වෙත උපාහාර ගලා එමින් පවතිනවා.
දකුණු ලන්ඩනයේ හැදී වැඩුණු ටැබී, Mario Balotellli මෙන්ම Raheem Sterling වැනි ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයන් සමඟ පැවති ප්‍රේම සම්බන්ධතා නිසා ද බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍ර වූ අයෙක්.
ඇගේ මරණයට පෙර බ්‍රවුන් Playboy වෙනුවෙන් සේවය කළ අතර Canon, Virgin Atlantic, Lynx සහ AX ඇතුළු වෙළඳ දැන්වීම් රාශියකට පෙනී සිටිමින් චැනල් 5 හි The Bachelor සඳහා ද සිය සේවය ලබා දී තිබෙනවා.
ඇයගේ මරණය පිළිබඳ පුවත Instagram හි පැතිර යාමත් සමඟ කම්පනයට පත් මිතුරන් සහ පවුලේ අය මෙන්ම රසිකයින් ඇගේ මෑතකාලීන ඡායාරූප යටින් ශෝකය ප්‍රකාශ කරන අදහස් දහස් ගණනින් එක් කර තිබුණා.