UN නේවාසික සම්බන්ධීකාරක හා ජාතික ජන බලවේගයේ නායක අනුර හමුවේ

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆෙන්ච් (Marc-André Franche) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (09) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදුව තිබෙනවා.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්වය, සමගිය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු වුණා.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරන බව පෙන්වා දුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෝ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය තුළ දේශපාලන පක්ෂ විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා.

මෙහිදී තම දේශපාලන සංස්කෘතිය, ආරම්භයේ සිටම ආචාරධර්ම පද්ධතියක් පදනම් වී ඇති බව අවධාරණය කළ ජාතික ජන බලවේගය එ.ජා. නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට තම පූර්ණ සහය හිමි වන බව ප්‍රකාශ කළා.

මෙම හමුව සඳහා එක්සත් ජාතීන්ගේ සාමය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක පැට්‍රික් මැකාතී (Patrick McCarthy) මහතා, සාමය සහ සංවර්ධනය පිළිබඳ විශ්ලේෂක නෙත්මිනී මැදවල මහත්මිය සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව සිටියා.

Latest News

More like this

අගමැති හරිනි ඉලක්ක කර අපහාස උපහාස එපා.. රජය සාමුහිකව ඇය පිටුපසින් හිටගන්නා බව විජිත කියයි

විවිධ පාර්ශවයන් විසින් මේ වන විට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය...

කුමන්ත්‍රණයක් ගැන අපට සැකයක් තියෙනවා.. ප්‍රශ්නගත මොඩියුලය අපි සීල් කළා… අගමැති හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නය...

වෙනිසියුලාවට එරෙහි අමෙරිකාවේ හමුදා ආක්‍රමණය ජනතා විමුක්ති පෙරමුණ හෙළා දකී

අමෙරිකා එක්සත් ජනපදය ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩාවැදී...

හඬ නැගීම වෙනුවට නිහඬ වීම හා කෙඳිරි ගෑම තෝරාගත් නිලන්ති කොට්ටහච්චි

නිලන්ති කොට්ටහච්චි යනු ජාතික ජන බලවේගය ආණ්ඩුව නැගී ආ...