අතුරු කමිටුව ඉවත්කරන්න, ජනපති දැනුම්දුන්නා – ක්‍රීඩා ඇමති

පත්කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව ඉවත්කරන ලෙසට කැබිනට් මණ්ඩලයෙන් අනතුරුව ජනපතිවරයා විසින් තමන්ට දැනුම්දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ සියලු කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් හෙට දිනයේ පාර්ලිමේන්තුවට සිදුකරන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,

“කැබිනට් මණ්ඩලය ඇතුළේ වෙච්ච සිදුවීම් මට කියන්න බෑ. සාමූහික වගකීම මම ආරක්ෂා කරන්න ඕන. නමුත් ජනාධිපතිතුමා පස්සේ කාර්යාලයට කතා කරලා කිව්වේ කමිටුව පත්කරපු එක අයින් කරන්න. එහෙම නැතිනම් ක්‍රීඩා නීතිය එතුමා යටතට ගන්නවා කිව්වා. මම කිව්වා ජනාධිපතිතුමා ක්‍රීඩා නීතිය නෙමෙයි, ඔබතුමා මාව අස්කරලා කැමති තීන්දුවක් ගන්න කියලා. මම කිව්වා කිසිසේත්ම පත්කරපු කමිටුව ඉවත්කරන්නේ නෑ කියලා. මේ ගොල්ලෝ කරලා තියෙන දූෂණ පට්ට හොරු රැළක්. ගැඹුර පෙන්නේ නෑ. දැන් හෙට අනිද්දා ගහන්න යනවා T 10 කියලා. ඒකෙ මගඩිය තව එකක්. දැන් විගණකාධිපති වාර්තාව ඇවිල්ලා මාස දෙකක්. පොලිස්පතිතුමාට යවනවා තාම විමර්ශනයක් නෑ. නීතිපතිතුමාට දෙනවා නඩු පවරන්න. මට කියනවා තවත් කමිටුවක් දාන්නලු. අධිකරණයට ගියත් විගණනය සම්බන්ධ ගැටලුවකට. අධිකරණයත් අහන්නේ විගණකාධිපතිගෙන්. මිනීමැරුමක්ද කියලා බලන්න දෙන්නේ අධිකරණ වෛද්‍යවරයාට වගේ මේක දෙන්නේ විගණකාධිපතිට. විගණකාධිපති විසින් වැරදියි, දූෂිතයි, නීතිමය දඬුවම දෙන්න කියන පණිවුඩය දීලා තියෙනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට. හැබැයි නීතිපති ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. මේ අරගලයක් එක්ක වගකීම භාරගත්තේ.”

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...