පැය 4 ක සාකච්ඡාවකින් පසු නායකත්වය යළි දසුන්ට

2023 ලෝක කුසලාන එක්දින තරගාවලියේ නායකත්වය යළිත් දසුන් ශානකට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ පෙරවරුවේ පැය 4කුත් මිනිත්තු 25ක පමණ දීර්ඝ කාලයක් පැවැති ක්‍රිකට් තේරීම් කමිටු රැස්වීමෙන් අනතුරුවයි.

කණ්ඩායමේ නායකත්වය පිළිබඳ හා ලෝක කුසලානයට සහභාගිවන ශ්‍රී ලංකා පිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ(20) දසුන් ශානක කැඳවා තිබූ අතර, එහිදී දසුන් ශානකගේ නායකත්ව දක්ෂතා පිළිබඳ සාකච්ඡාවී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර බවයි වාර්තා වන්නේ.

මෙහිදී දසුන් ශානක තේරීම් කමිටුවට පවසා ඇත්තේ රට වෙනුවෙන් අවශ්‍ය නම් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට වුවද සූදානම් බවයි.

එහෙත් ක්‍රිකට් තේරීම් කමිටුව දසුන් ශානකගේ ඉල්ලා අස්වීමේ කතාව සැලකිල්ලට ගෙන නොමැති බව පැවසෙනවා.

ඔහු තවදුරටත් නායකත්වයේ කටයුතු කළ යුතු බවට තේරීම් කමිටුව දැනුම්දී ඇති අතර, පිතිකරුවෙකු ලෙස නැවැත නැඟී සිටීමේ අවශ්‍යතාව දසුන් ශානක තේරීම් කමිටුවට හමුවේ පැවසු බව සඳහන්.

ආසියානු ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියද, එක්දින ක්‍රිකට් පිටියේ මෙතෙක් බිහිවූ දෙවැනි හොඳම එක්දින ක්‍රිකට් නායකයා ලෙස දසුන් ශානක තවදුරටත් නායකත්වයේ සිටිය යුතු බව පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ද අවධාරණය හමුවේ පැවසු බව සඳහන්.

Latest News

More like this

විස්සයි20 ලෝක කුසලාන තරග ලංකාවට ගේන්න බංගලාදේශය කළ ඉල්ලීමට ICCයේ කැමැත්ත පළ වේ

විස්සයි20 ලෝක කුස­ලාන තරග ඉන්දි­යා­වෙන් ඉවත් කර ශ්‍රී ලංකාවේ...

2026 IPL – පැතුම් කෝටි 13 කට අලෙවි වේ

IPL 2026 කුඩා වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම්...

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...