මුරලිගේ “800” ට්‍රේරලය එයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුරාවෘත්තයක් වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවන කතාවෘතාන්තය තේමා කර ගනිමින් එතෙක් මෙතෙක් ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන විශිෂ්ටතම සිනමා නිර්මාණය ලෙස දැනටමත් විචාරකයන් අනාවැකි පිට අනාවැකි පළ කරන ‘800’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඊයේ(05) ඉන්දියාවේදී එළි දැක්වුණා.

ඊයේ මුම්බායි නුවර දී තත්පර 186කින් යුතු ප්‍රචාරක පටය එම පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වුණේ ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරු සචින් තෙන්ඩුල්කර් සහ ශ්‍රී ලංකාවේ මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරියගේ සහභාගිත්වයෙන්.

ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් පමණක් නොව ලොව පුරා මුරලිදරන්ගේ ‘මැජික්‘ පන්දුවට ආකර්ෂණය වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව පුල පුලා බලා සිටින මේ චිත්‍රපටය ලබන ඔක්තෝබර් මස 6 වැනිදා තිරගත වීමට නියමිතව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ දෙමළ බසින් නිෂ්පාදනය වන ‘800’ හින්දි සහ තෙළිඟු බසින් දෙබස් කවා එකවර මුදා හැරීමට නියමිත බවයි.

මුරලිගේ ‘800’ චිත්‍රපටයට පාදක වී ඇත්තේ සිංහල කලහකාරීන් පිරිසක් ගිනිතබා විනාශ කළ වතුකරයේ ව්‍යාපාර හිමි පවුලකින් පැවත එන දෙමළ තරුණයකු ජාතික ක්‍රිකට් කණ්ඩායමට සේන්දු වූ ආකාරයයි.

එහි ට්‍රේලරය, ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ සිට ශ්‍රී ලාංකික දෙමළ ජනයාට හිංසා කිරීමේ සිට මුරලිගේ කුප්‍රකට චකිං මතභේදය සහ 2009 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ත්‍රස්ත ප්‍රහාරය දක්වා ‘800’ බොහෝ සංවේදී මාතෘකා ස්පර්ශ කර ඇති ආකාරය පෙන්නුම් කරනවා.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 800ක් දවාලමින් ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලොව නොම්මර එකේ දඟපන්දු යවන්නා බවට පත්වූ මුත්තයියා මුරලිදරන්ගේ ජීවන වෘත්තාන්තයේ එක්තරා පැතිකඩක ප්‍රතිනිර්මාණයක් වන මේ චිත්‍රපටයේ මුරලිගේ චරිතයට පණ පොවනු ලබන්නේ ජාත්‍යන්තර වශයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘Slumdog Millionaire” චිත්‍රපටයේ සලීම්ගේ චරිතයට පණ පෙවූ මධූර් මිට්ටාල්ය.

අවුරුදු විසි ගණන්වල සහ තිස් ගණන්වල අගභාගය දක්වා මුරලිගේ විවිධ වයස් සීමා 4ක් ‘800’ චිත්‍රපටයට එක්වී ඇති අතර එහි රූගත කිරීම් සිදු කෙරුණේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මෙන්ම ඔස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේදීයි.

එමෙන්ම මේ චිත්‍රපටයට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයක් ද ඇතුළත් බව වාර්තා වෙනවා.

දෙමළ සිනමාවේ අංක එකේ අධ්‍යක්ෂවරයකු වන එම්.එස් ශ්‍රීපතිගේ නිර්මාණයක් වන ‘800’ තිර රචනය ද ඔහු විසින් සිදු කරනු ලැබූ අතර පසුගිය වසරේදී බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ශෙහාන් කරුණාතිලක පසුකාලීනව එහි සහාය තිර රචකයා ලෙස එක් වීම විශේෂත්වයක්.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...