ධනුෂ්ක ගුණතිලකගේ අතේ එල්ලිලා උසාවි ආව සුදු ජාතික තරුණිය ඔහුගේ අලුත්ම පෙම්වතිය ද?

ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්ව අධිකරණ නියෝග මත වසරකට ආසන්න කාලයක් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවන ධනුෂ්ක ගුණතිලකගේ නඩුව ඊයේ(18) සිඩ්නි නුවර ඩව්නින් දිස්ත්‍රික් අධිකරණයේ දී විභාගයට ගත් බව වාර්තා වෙනවා.

ඔහු ඊයේ විනිසුරු සාරා හගෙට් ඉදිරියේ පෙනී සිටි අතර ඔහු අධිකරණය වෙත පැමිණියේ තොරතුරු හඳුනා නොගත් සුදු ජාතික තරුණියකගේ සමඟ අතිනත් පටලාගෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ධනුෂ්ක ගුණතිලක සිය නීතිඥ මුරුගන් තංගරාජ් මහතා සමඟ අධිකරණයට පැමිණ සිටි බවත් අධිකරණ ක්‍රියාවලිය හේතුවෙන් අනන්‍යතාවය හෙළි නොකරන අදාළ කාන්තාව ද අධිකරණයට පැමිණ සිටි බවයි එම වාර්තාවල දැක්වුණේ.

ඔහු පසුගිය T20 ලෝක කුසලානය සඳහා සහභාගී වීමට ඕස්ට්‍රේලියාව බලා ගොස් සිටිය දී ටින්ඩර් නම් වෙබ් අඩවියක් ඔස්සේ තරුණියක දැනහැඳින ගැනීමෙන් පසු සිදුවීම් ගණනාවකට මුහුණ දී සිටිනවා.

එම තරුණිය පසුව චෝදනා කළේ ඔහු බලහත්කාරයෙන් ඇයට ලිංගික අතවරයක් සිදු කළ බවයි.

විත්තිකාර ධනුෂ්ක උපත් පාලන කොපුව ඉවත් කරමින් බලහබලහත්කාරයෙන් ලිංගිකව හැසිරුණු බවත් ඊට විරෝධය දැක්වීමේ දී තමාගේ ගෙල සිර කර බවත් දූෂණයට ලක් වූ බව කියන 29 හැවිරිදි තරුණිය ඊයේ අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම නඩුව තවත් දින තුනක් හෝ හතරක් ඇතුළත අවසන් කිරීමට විනිසුරු සාරා හගේට් බලාපොරොත්තු වන බව ද මාධ්‍ය වාර්තා පවසනවා.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...