ලෝක කුසලාන නිල තේමා ගීතය නිකුත් වේ

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ක්‍රිකට් ලෝක කුසලාන – 2023 තේමා ගීතය සහ චිත්‍රපටය ඊයේ(20) නිකුත් කළා.

නිල තේමා ගීතය “දිල් ජෂ්න් බෝලේ” යන තේමාවෙන් නිකුත් කර තිබෙනවා.

එය නිර්මාණය කළේ ප්‍රකට සංගීත අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රීතම් චක්‍රබෝර්ති විසින්.

ඉන්දීය සුපිරි නළු රන්වීර් සිං ගීතයේ වීඩියෝ පටයේ ප්‍රධාන භූමිකාව ඉටු කරනවා.

මෙම ගීතය ඔක්තෝබර් 05 වැනිදා ආරම්භ වන 2023 ක්‍රිකට් ලෝක කුසලානය පුරාවටම පිටියේ මෙන්ම එහි සෑම ඉසව්වකදී ම භාවිත වනු ඇති බව සඳහන්.

ක්‍රිකට් ලෝක කුසලාන 2023 තේමා ගීතය, මාස එකහමාරක තරඟාවලිය අතරතුර ක්‍රිකට් ලෝලීන්ට තම කණ්ඩායම් කෙරෙහි ඔවුන්ගේ ආශාව සහ ආදරය ප්‍රකාශ කිරීමට පොදු හඬක් සපයනු ඇති බව විශ්වාස කරනවා.

ICC 2023 ක්‍රිකට් ලෝක කුසලාන තේමා ගීතය YouTube, Hotstar, StarSports, YuppTV, සහ නිල වෙබ් අඩවිය ඇතුළු විවිධ මාධ්‍යයන් ඔස්සේ ලබා ගත හැකියි.

Dil Jashn Bole | ICC Men’s Cricket World Cup 2023 Official Anthem | Pritam
Music – Pritam
Lyrics – Shloke Lal, Saaveri Verma
Singers – Pritam, Nakash Aziz, Sreerama Chandra, Amit Mishra, Jonita Gandhi, AKASA, Charan
Rap Written and Performed by – Charan

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...