ඒඩ්ස් රෝගීන්ගේ භයානක වැඩිවීමක්

2024 වසරේ පළමු කාර්තුව තුළ පමණක් නව ආසාදන 200කට අධික සංඛ්‍යාවක් සහ මරණ 13ක් වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාව HIV/ඒඩ්ස් රෝගීන්ගේ කණස්සල්ලට හේතුවන වර්ධනයක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් පාලන වැඩසටහනට අනුව, ශ්‍රී ලංකාවෙන් 2024 වසරේ (ජනවාරි සිට මාර්තු දක්වා) පළමු කාර්තුවේදී වාර්තා වී ඇති HIV/AIDS රෝගීන් 207කි.

රෝගීන් 165 ක් වාර්තා වූ 2023 අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙය සියයට 25 ක වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් පාලන වැඩසටහන සඳහන් කරනවා.

2024 පළමු කාර්තුවේ වාර්තා වූ සිද්ධීන් අතරින් වයස අවුරුදු 15-24 අතර තරුණයින් 23ක් සහ තරුණියන් පස් දෙනෙක් වන අතර ඉතිරි රෝගීන් අවුරුදු 25ට වැඩි පුද්ගලයින් බවයි සඳහන් වන්නේ.

2024 වසරේ වාර්තා වූ HIV රෝගීන්ගේ පිරිමි සහ ගැහැණු අනුපාතය 7:1 ක් බව දැක්වෙනවා.

තවද, එම කාලය තුළ HIV/AIDS ආශ්‍රිත මරණ 13ක් වාර්තා වී තිබෙනවා.

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහතා පැවසුවේ 2018 වසරේ සිට HIV ආසාදිතයන්ගේ කැපී පෙනෙන වර්ධනයක් අඛණ්ඩව දක්නට ලැබෙන බවයි.

රෝගීන්ගේ වැඩිවීමට හේතුව පිළිබඳව විමසූ විට වෛද්‍ය ධර්මකුලසිංහ සඳහන් කළේ පරීක්ෂණ ධාරිතාවය පුළුල් වීම, ලිංගික අධ්‍යාපනය සහ අවදානම් ලිංගික හැසිරීම් පිළිබඳ ජනතාව තුළ පවතින දුර්වල දැනුම සහ අදාළ පූර්වාරක්ෂාවන් නොගැනීම මෙම රෝගීන්ගේ වැඩිවීමට හේතු විය හැකි බවයි.

Latest News

More like this

කොළොම්බියාවේ බූරුවෙකුට බෝම්බයක් සවිකර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරයි..

වයඹ දිග කොලොම්බියාවේ බූරුවෙකුට සවි කර තිබූ බෝම්බයක් පුපුරා...

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...
error: Content is protected !!