අනුරගේ රුවින් ලන්ඩනයේ බස් සරසයි

ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාගේ රුවින් සරසන ලද බස් රථයක් එරට මාර්ගවල ධාවනය වෙමින් පවතින බව වාර්තා වෙනවා.

එම බස් රථය එසේ වර්ණ ගන්වා ඇත්‍තේ අනුර කුමාර දිසානායකගේ ‍බ්‍රිතාන්‍ය සංචාරය නිමිති කරගෙනයි.

එරට සිටින ශ්‍රී ලාංකිකයන් අමතන ජන හමු කිහිපයකට සහභාගී වීම සඳහා එළඹෙන 15 වැනිදා ඔහු එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ මහතාගේ පැමිණීම නිමිත්තෙන් එරට ලාංකිකයන් විසින් මෙසේ බස් රථයක් වර්ණ ගන්වා මාර්ගවල ධාවනයට එක් කර ඇති බවයි සඳහන් වන්නේ.

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...